දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණයේ දි තමන්ට පොදු අපේක්ෂකයෙක් ලෙස තරග කිරිමට අරාධනාවක් ලැබුණහොත් එය භාරගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

කුරුණෑගල පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ සමහර පුද්ගලයින් අද වන විට දේශපාලන න්‍යාය පත්‍රය පැත්තකින් තබා පෞද්ගලික අදහස් මත ක්‍රියා කිරීම විශාල අඩුපාඩුවක් වන බව ද ඒ මහතා මෙහිදී පැවසීය.

කෙසේ වෙතත් තමාට පොදු අපේක්ෂකයෙකු ලෙස කටයුතු කිරීමට තමාට ඕනෑ තරම් අත්ඇකීම් ඇති බවත්, එනිසා ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් කුමක් කළ යුතු ද යන්න පිළිබඳව තමාට හැඟීම් ඇති බව ද තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම දේශපාලනයේ ඇති ගැටීම් දේශපාලනයේ සිදුව ඇති හොඳ නරක පිළිබඳ තමාට අත්දැකීම් ඇති බැවින් තමාට ඕනෑම මොහොතක එවැනි වගකීමක් බාර ගැනීම ගැටළුවක් නොවන බව ද අත්තනායක මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More