දේශීය පුවත්

සිසු සිසුවියන් මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාවලියෙහි සක්‍රිය කොටස්කරුවන් බවට පත් කරන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය අදින් ආරම්භ වනවා.

එලෙස ආරම්භ කෙරෙන මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ලබන 28 වන දින දක්වා ක්‍රියාවට නැංවෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඒ අනුව එහි සමාරම්භක උත්සවය පෙරවරු 9 ට මුලතිව් මුල්ලියාවලෛ විද්‍යානන්දන් මහා විද්‍යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

දිවයින පුරා පිහිටි පාසල් දස දහස තුළම මෙම මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ක්‍රියාත්මක කෙරෙනු ඇති.

එහිදී උතුරු ප්‍රදේශයේ පාසල්වල ඉගෙනුම ලබන එක්ලක්ෂ පනස්දහසක් වන සිසු සිසුවියන් උදෑසන ශිෂ්‍ය රැස්වීමේ දී මත්ද්‍රව්‍ය නිවාරණ සම්බන්ධ ප්‍රතිඥාව සිදු කිරීමටයි නියමිතව ඇත්තේ.

මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය තුළ මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පන්ති කාමර තුළදී දරුවන් දැනුවත් කිරීමේ ක්‍රියාකාරකම් ද සංවිධානය කර තිබෙනවා.

22 වනදා මවුපියන් පාසල වෙත කැඳවා පන්ති මට්ටමින් දරුවන් සමඟ සිදුකරන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් මෙන්ම 23 වැනිදා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්ද පැවැත්වෙනු ඇති.

24 වනදා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වන අතර, 25 වනදා විවිධ ජනමාධ්‍ය භාවිත කරමින් පාසල තුළ හා ඉන් පිටත මත්ද්‍රව්‍ය නිවාරණ පණිවුඩ ප්‍රචලිත කිරීම මෙන්ම ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ජනවාරි 26 වනදා ස්වේච්ඡා සංවිධානවල මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාකාරකම් ඇතුළත් වැඩසටහන් පැවැත්වීමට මෙහි දී කටයුතු යොදා තිබෙනවා.

එමෙන්ම ජනවාරි 27 වනදා ආගමික ස්ථාන හා දහම් පාසල් මගින් මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු ක්‍රියාවට නැංවෙනු ඇති.

මීට සමගාමීව මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබඳ පැමිණිලි ලබා දීම සඳහා හඳුන්වා දුන් 1984 යන දුරකතන අංකය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට ද නියමිත බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More