දේශීය පුවත්

බෞද්ධ වෙහෙර විහාරස්ථානවලට බෝම්බ ප‍්‍රහාර එල්ලකර රටේ ජාතිවාදී කලබල ඇති කිරීමට සැලසුම් කළ සංවිධානාත්මක කණ්ඩායමකට සම්බන්ධ අන්තවාදීන් 50 දෙනකු පිළිබඳව තොරතුරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇත.

මෙම අන්තවාදී කණ්ඩායමට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත්තේ පුත්තලම වනාතවිල්ලූව පොල්වත්තක වළදමා තිබූ අධිබල පුපුරන ද්‍රව්‍ය, ඩෙටනේටර් ඇතුළු බෝම්බ නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදීය.

මෙම සංවිධානාත්මක කණ්ඩායමට සම්බන්ධ අන්තවාදීහු 07 දෙනෙක් මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටිති. බෞද්ධ ආගමික ස්ථානවලට පහරදීමට සම්බන්ධ මෙම අන්තවාදී කණ්ඩායම අලූතින් සාමාජිකයන් බඳවා ගැනීම සඳහා සහ තම කණ්ඩායමේ සාමාජිකයන් දැනුවත් කිරීම සඳහා රටේ විවිධ ප‍්‍රදේශවල උපදේශක පන්ති පවා පවත්වා ඇති බවද හෙළිදරව් වී ඇත.

වනාතවිල්ලූව යාල්වත්තේ වළදමා තිබූ අධිබල පුපුරන ද්‍රව්‍ය තොගය සහ ඩෙටනේටර් තොගය රැුගෙනවිත් ඇත්තේ ද මෙම අන්තවාදී කල්ලියට සම්බන්ධ ප‍්‍රබල සාමාජිකයන් දෙදෙනකු විසින් බව අනාවරණය වී ඇත. මෙම පුපුරන ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් සිව්දෙනා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ එහි විශේෂ විමර්ශන අංශය ෂෂ භාරයේ සිටි සැකකරුවකු වෙත ලැබුණු එස්. එම්. එස්. කෙටි පණිවුඩයක් ඔස්සේ සිදුකළ විමර්ශනයකදීය. පුපුරන ද්‍රව්‍ය තොගය වනාතවිල්ලූව පොල්වත්තට රැුගෙන ආ අන්තවාදී කල්ලියේ සාමාජිකයන් දෙදෙනාගෙන් එක් අයකු මෙම එස්.එම්.එස්. පණිවුඩය ලබාදී තිබිණි.

ඔවුන් කෙටි පණිවුඩය ලබාදී තිබුණේ පුපුරන ද්‍රව්‍ය වළදමා තිබූ පොල්වත්තේ හිමිකරුගේ ජංගම දුරකථනයෙනි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එම ජංගම දුරකථනයේ හිමිකරු සොයා සිදුකළ විමර්ශනයේදී හෙළි වූයේ මේ පුද්ගලයා වනාතවිල්ලූව ප‍්‍රදේශයේ අක්කර 75 ක පොල් වත්තක හිමිකරුවකු බවයි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම පුද්ගලයාට අයත් පොල් වත්තට ගොස් ඇති අතර එම අවස්ථාවේ ඔහු එම පුපුරන ද්‍රව්‍ය තොගය වත්තේ පාළු ස්ථානයක වළදමමින් සිට ඇත.

වත්තේ හිමිකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ මෙම අන්තවාදී කල්ලියට සම්බන්ධ පුද්ගලයන් සති කිහිපයක් තිස්සේ තම වත්තේ රැුඳී සිටි බවත් පුපුරන ද්‍රව්‍ය, ඩෙටනේටර් ඇතුළු බෝම්බ නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ ඔවුන් විසින් රැුගෙන ආ බවත්ය.

එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලින් හෙළිවී අත්තේ වනාතවිල්ලූව පොල්වත්තේ සැ`ගවී සිටි අන්තවාදී කල්ලියට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනා මාවනැල්ල ඇතුළු ප‍්‍රදේශ ගණනාවක බුද්ධ ප‍්‍රතිමා විනාශ කිරීමේ කල්ලිය මෙහෙයවූ අය බවයි.

මෙම අන්තවාදී කල්ලියේ සාමාජිකයන් දෙදෙනා මේ වන විට පුත්තලම ප‍්‍රදේශය අතහැර පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙයි.

මෙම වැටලීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ද පෞද්ගලිකව සහභාගි විය. මෙහිදී අත්අඩංගුවට ගත් සියලූ දෙනා දින 90 ක් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබාදී ඇත.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, එහි අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහත්වරුන්ගේ උපදෙස් මත විශේෂ අපරාධ විමර්ශන අංශය (II) ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජානක මාරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වේ.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More