දේශීය පුවත්

ජනාධිපතිවරණයක් පැමිණෙන්නේ නම් ඒ වෙනුවෙන් වැඩ කිරීමට තමාද සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු පක්‍ෂ ගණනාවක් එක්ව ඉදිරියේදී ගොඩනගන සන්ධානය හෝ එක්සත් ජාතික පක්‍ෂය ද මෙතෙක් ජනාධිපති අපේක්‍ෂකයා පිළිබඳ ස්ථිර අදහසක් නැතැයි දයාසිරි ජයසේකර මහතා කීවේය.

ශ්‍රී.ල.නි.ප මහලේකම්වරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මතය වන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් විය යුතු බව වුවත් අනෙක් කණ්ඩායම වෙනත් නම් යෝජනා කරන බව කී ජයසේකර මහතා ජනාධිපතිවරයා ද මෙතෙක් තමන් තරග කරන්නේද නැද්ද යන්න ප‍්‍රකාශ කර නැතැයි ප‍්‍රකාශ කළේය.

ජනාධිපතිවරණය කැඳවිය යුත්තේ මෙම වසර අවසානයේ දී බව කී මහලේකම්වරයා ඊට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව ද කීවේය.

එබැවින් ජනාධිපතිවරණයක් ගැන කතා නොකර කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන්නැයි තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More