ඇමෙරිකානු ජාතිකයින් 07 දෙනෙකු පන්සිල් සමාදන්වී බෞද්ධාගම වැලඳ ගැනීම ඊයේ(20දා) ට යෙදුණු දුරුතු පුරපසොළොස්වක පොහෝ දිනයේදී පේරාදෙණියේ ශ්‍රී සුබෝධාරාම විහාරයේදී සිදුවිය.
ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායකඇමෙරිකාවේ බ්ලූ ලෝටස් විහාරාධිපති පූජ්‍ය පේරාදෙණියේ සිරි සුජාත හිමියන්ගේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් බෞද්ධාගම පිළිබඳ පැහැදුනු මෙම ඇමෙරිකානු ජාතිකයන් පිරිස සිරි සුජාත හිමියන්ගේ මාර්ගෝපදේශයෙන් මෙරටට පැමිණ තිබේ.
මෙම පිරිස පංචශීලයේ පිහිටුවීම පේරාදෙණියේ ශ්‍රී සුබෝධාරාම විහාරාධිපති ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වත්තේගම ශ්‍රී ධම්මාවාස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
බෞද්ධාගම වැලඳගත් මෙම පිරිස සිය ඇමෙරිකානු නාමයන් වෙනුවට බෞද්ධ නාමයන් ලබාගැනීමට මෙහිදී සිදුකෙරිණි.
මෙලෙස බෞද්ධයන් බවට පත්වූයේ Barry Shaffer, JeannineOulette, Michael Kramer, Tyler Lewke, Zoe Winter, Patricia Miller, Dan oliverio යන ඇමෙරිකානු ජාතිකයන් පිරිසයි.



ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...