දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එම් ඒ සුමන්තිරන් යන දෙදෙනා රහසිගතව ගත්තාවූ තීන්දු ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා එසේ පැවසූවේ බෙලිඅත්ත නාකුළුගමුව මැද්දදෙනිය ශ්‍රී ශෛල්‍යාරාම පුරාණ විහාරස්ථානයේ ඉදිකරන ලද නව වාහල්කඩ විවෘත කිරීමේ අවස්ථාවට අද(20) සහභාගී වෙමිනි.

මේ අවස්ථාවට පොදුජන පෙරමුණෙහි සභාපති ජී.එල්.පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී.ඒකනායක, දකුණු පළාත් සභාවේ සභානායක සෝවමංශ කෝදාගොඩ, දකුණු පළාත් සභා මන්ත්‍රී ඩී.වී. උපුල්, එම්.කේ කසුන් මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

‘‘ව්‍යවස්ථාවක් දැකල නැති අය රට බෙදන්න යනවා කියනවා. ව්‍යවස්ථාවට කාරනා කිව්වෙ එයාලමයි. ඒක ව්‍යවස්ථාවක් නෙවෙයි කියනවා. කෙටුම්පතක් නෙවෙයි කියනවා. සමහරු කියනවා කෙටුම්පතක් කියලා. මේක දන්නේ රනිලුයි සුමන්තිරන් මහත්තයයි දෙන්න විතරයි. මොකද ඒ දෙන්න රහසිගතව ගත්තාවූ තීන්දු ක්‍රියාත්මක කරන්නයි හදන්නේ. අපි ඒකට ඉඩ දෙන්නෙ නැහැ.

චීන භාෂාවෙන්ම තමයි අගමැතිවරයාගේ ජීවිත කතාව ලියන්න ඕනෑ. මේ රටේ තත්ත්වයයි චීනයට මේ රටේ වරායන් විකුණපු එක ගැන ලියවෙයිද දන්නේ නැහැ. රටේ සම්පත් විකුණපු හැටි ගැනත් ලිව්ව නම් හොඳයි.

විද්‍යාපීඨ වලට වසර තුනකින් ළමයි ඇතුලත් කරගෙන නැහැ. මේ ආණ්ඩුව අධ්‍යාපනයට බොරුවට කතා කරනව වියදම් කරනව කියලා.මේ කරන්නේ කප්පාදු කරන එක. ඒකෙන් වෙන්නේ ගුරුවරුන් බිහීවීම නැවතුන එකයි. රටේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්නයි මේ හදන්නේ.

සේනා දළඹුවා ගැන රජයෙන් නිහඬව සිටීම ගැන අපිට සැකයක් තිබෙන්නේ රජයේ වුවමනාවක්ද කියලා. පිටරටින් ආහාර ගෙන්වන්න කෘෂිකර්මය, විනාශ කිරීමේ වැඩපිළිවෙලකට කාගේ හරි කුමන්ත්‍රණයක්ද කියල අපිට සැකයක් ඇති වෙනවා‘‘



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More