දේශීය පුවත්

සේනා දළඹුවා සම්බන්ධයෙන් රජය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුළින් මෙය පිටරටින් ආහාර ගෙන්වා ගැනීම සඳහා කෘෂිකර්මය විනාශ කිරීමේ කාගේ හෝ කුමන්ත්‍රණයක්ද යන්න සැක සහිත බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ බෙලිඅත්ත ගලගම මැද්දදෙනිය ශ්‍රී ශෛයිලාරාම පුරාණ ලෙන් විහාරයේ අභිනව වාහල්කඩ හා බුදුපිළිම වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවය සඳහා සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න කීපයක් සඳහා පිළිතුරු ලබා දෙමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්ද තම පක්ෂය පෙනී සිටින බවයි.

වත්මන් රජය විසින් ගෙන ඒමට බලාපොරොත්තු වන නව ව්‍යවස්ථාව රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ සුමන්තිරන් මහතාගේ අදහසක් වන බවත් ඒ පිළිබඳව නිවැරදිව කරුණු දන්නේ ඔවුන් දෙදෙනා පමණක් වන බවත් මෙහිදී රාජපක්ෂ මහතා පැවසීය.

එමෙන්ම මේ ආණ්ඩුව අධ්‍යාපනයට වියදම් කරන බව පැවසුවද අධ්‍යාපනයේ පහසුකම් කප්පාදු කිරීමේ වැඩ පිළිවෙලක්ද ක්‍රියාත්මක වන බවද මෙහිදී කියා සිටියේය.

මෙම අවස්ථාවට විහාරාධිපති ඌරුගමුවේ රතනපාලාභිධාන නාහිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. බී. ඒකනායක මහතා, දකුණු පළාත්සභා සභාපති සෝමවංශ කෝධාගෙඩ මහතා, පළාත්සභා මන්ත්‍රීවරුන් වන ඩී.වී. උපුල් මහතා, එම්.කේ.කසුන් මහතා, හිටපු අමාත්‍ය ජී.එල්.පීරිස් යන මහත්වරුන් ද එක්විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More