මේ වනවිට විසුරුවා නැති පළාත් සභා තුනද ඉක්මනින් විසුරුවා පළාත් සභා 9ම මැතිවරණ එකවර පැවැත්වීම සඳහා කැබිනට් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා විසින් විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
විශ්වාස කටයුතු ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම විශේෂ කැබිනට් පත්‍රිකාව ලබන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි වාර්තා වෙයි. විදේශගතවීමට පෙර ජනපතිවරයා ඊට අත්සන තබා තිබිණි.
දැනටමත් පළාත් සභා නවයෙන් හයක නිල කාලය අවසන් වී තිබේ. දකුණ, ඌව සහ බස්නාහිර පළාත් සභාවල නිල කාලය හමාර වන්නේ ඉදිරි කාලයේදීය. පළාත් සභා 9 මැතිවරණ කඩින්කඩ පවත්වන්නේ නැතිව එකවර පවත්වන ලෙස දේශපාලන පක්ෂ ගණනාවක්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති නිසා මෙම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබාගෙන අප්‍රේල් අග හෝ මැයි මස මුල් භාගයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම ජනාධිපතිවරයාගේ තීරණය බව සඳහන්ය.
පසුගිය දිනවල පැවති සාකච්ඡා ගණනාවකදී පළාත් සභා ඡන්ද කඩිනමින් පැවැත්විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබිණි.
– Deshaya
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...