දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ සිදුවන නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන රජයේ සහය පළ කෙරේ. එහිදි ලබාදිය හැකි තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබඳ සොයා බැලීමට පිලිපීන විශේෂඥ කණ්ඩායමක් ළගදීම දිවයිනට පැමිණීමට නියමිතය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිලිපීන සංචාරයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ තවත් සුවිශේෂ ප්‍රතිලාභයක් ලෙස මෙම සහය පළ වී තිබේ.

සිය පිලිපීන සංචාරයේ අවසන් දිනය වන අද (19) පෙරවරුවේ පිලීපීන පොලිස් මූලස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා එහි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිරික්ෂණ චාරිකාවකට ද එක් විය. පිලිපීන රජය විසින් ගෙන යනු ලබන නිතී විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ ප්‍රදර්ශනයක් නැරඹීමට ද ජනාධිපතිවරයා මෙහිදී එක්විය.

එහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිගනු ලැබූවේ පිලිපීන ජාතික පොලිස් සේවාවේ ප්‍රධානි ඔස්කාර් ඩී. අල්බයැල්ඩ් මහතා සහ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති කැටලිනෝ එස්. කයි යන මහත්වරුන් විසිනි.

අනතුරුව පොලිස් ප්‍රධානී ඇතුළු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග පැවති හමුවේ දී ජනාධිපතිවරයා සඳහන් කළේ නීති විරොධි මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි විවෘත සටනක් මේ වන විට තම නායකත්වයෙන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාවට නංවා තිබෙන බවයි. භූගෝලීය පිහිටීම අනුව නිතීවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ශ්‍රී ලංකාව සුවිශේෂී හුවමාරු මධ්‍යස්ථානයක් වී ඇතැයි මෙහිදී සඳහන් කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ගෙන එම වැළැක්වීම වෙනුවෙන් සියලු මිත්‍ර රටවල සහය අපේක්ෂා කරන බවද පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන ජනාධිපති රොඞ්රිගේ දුතෙර්තේ මහතා ගෙන යන ප්‍රබල සටන ඇගැයීමට ලක් කළ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කියා සිටියේ තම පිලිපීන සංචාරය සිදු වූයේ ද එම සේවාවට සිදුකරන ගෞරවයක් ලෙස බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම ලෝකයේ බොහෝ රටවලට ප්‍රබල අභියෝගයක් වුව ද ඒ සඳහා නිසි පියවර නොගන්නේ ඇතැම් දේශපාලනඥයන් ද ඊට සම්බන්ධවීම හේතුවෙන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළේ දී පවතින විශාල ගැටලුවක් බව කියා සිටියේය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More