පුරවැසි කොලම

රනිල්ගේ සාමය පිළිබඳ මේ කතාව අතීතයට අයත් එකක් වුවද මෙය වර්තමාන මොහොතට අතිශයින් අදාල කතාවකි. එදා සාමයේ නාමයෙන් ජාතිවාදී බෙදුම්වාදී ත්‍රස්ත කල්ලයක් ඉදිරියේ රට දණ ගැස්වූ මේ පාහර පාලකයා අද නව ව්‍යවස්ථාවක නාමයෙන් රටේ ගෙල සිඳීමට පිඹුරුපත් සකසමින් සිටියි. ඔහුගේ සාමය ගැන මතකය නැවතත් අලුත් කරගත යුත්තේ ඒ නිසාය. රනිල්ගේ සාමය වනාහී රනිල්ගේ නව ව්‍යවස්තාවට අපූරු පෙරවදනකි. තමන් ජාතිවාදයට විරුද්ධ බව කියමින් පොළොවේ පස් කන රනිල්ගේ මාක්ස්වාදී, පශ්චාත් නූතනවාදී ඇබිත්තයන්ගේ හෙලුව තේරුම් ගැනීමට මෙන්ම රනිල්ගේ ව්‍යවස්ථාවේ හොඳම පහසුකම් සපයන්නා බවට පත්වී සිටින වත්මන් ජනතා විමුක්ති පෙරමුණේ තක්කඩි භූමිකාව තේරුම් ගැනීමටද මේ අතීතය මහෝපකාරී වනු ඇත.

> 2002 පෙබරවාරි 22 වැනිදා පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය, ජනාධිපතිනිය ආදී සියලූ පාර්ශ්වයන්ට කරුණු සඟවමින් රනිල් වික්‍රමසිංහ තම තනි කැමැත්තට අනුව කොටි සංවිධානය සමඟ සටන් විරාම ගිවිසුමට අත්සන් තැබුවේය.

>ඒ යටතේ කොටි තහනම, හදිසි නීතිය සහ ත්‍රස්ත මර්දන පනත් ඉවත් කරගත හැකිවූ අතර අත්අඩංගුවේ සිටි ත්‍රස්තවාදීන් රැසකට නිදහස ලැබිණි.

>හමුදා ශක්තිය දුර්වල කෙරුණු අතර හමුදාවට නව සෙබළුන් බඳවා ගැනීම සීමා කෙරිණි. උතුරේ හමුදා කඳවුරු 288ක් ඉවත් කිරීමට කොටි සංවිධානය විසින් සටන් විරාම නිරීක්ෂණ කමිටුවට යෝජනා කර තිබූ අතර 2002 මැයි මාසයේ සිට උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම ආරම්භ කෙරිණි.

>2002 මාර්තු 19 වැනිදා පළමු “පොංගු තමිල්” උත්සවය වව්නියාවේදී පැවැත්විණි. ඉන්පසු එවැනි උත්සව උතුරු නැගෙනහිර පළාත් තුළ සුලබ දසුනක් බවට පත්විය. පාසැල් සිසුන් ඇතුළු පිරිස් මේවාට බලාත්කාරයෙන් සහභාගී කරවූ අතර කොටි සංවිධානය පාසැල්වලට කඩා වැදී දේශන පැවැත්වීම, වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය කරවීම ආදිය බහුලව සිදුකෙරිණි.

>2002 අගෝස්තු 20 වැනිදා කොටි “දේදුන්න” නමින් සිංහල පුවත්පතක් ආරම්භ කළේය.

>දේශපාලන කටයුතුවල නාමයෙන් රජයේ පාලන ප්‍රදේශවල පවා කොටි කාර්යාල විවෘත කෙරුණු අතර කොළඹ ඇතුළු රටේ විවිධ ප්‍රදේශ කරා කොටි චරපුරුෂ ජාලය, ඝාතන කල්ලි සහ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ව්‍යාප්ත කෙරිණි. මේ හරහා රටේ ජාතික ආරක්ෂාවට අදාල වැදගත් තොරතුරු බොහොමයක් අනාවරණය කර ගැනීමට ත්‍රස්තවාදීන්ට හැකියාව ලැබිණි.

>සටන් විරාමයේ පළමු වසර තුළ කොටි සාමාජික සංඛ්‍යාව දසදහසකින් පමණ ඉහල ගිය බව ජනාධිපතිනියගේ මාධ්‍ය ප්‍රකාශක හරීම් පීරිස් මහතා 2003.1.23 දිවයින පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.

>2003 වසරේ කොටි විසින් අන්තර් වාර පාලනයක් ඉල්ලා සිටිනු ලැබීය. රටේ මුළු භූමියෙන් තුනෙන් එකක්, මුහුදෙන් තුනෙන් දෙකක් ඔවුන් විසින් යෝජනා කරන ලද අන්තර් වාර ස්වයං පාලන අධිකාරියට අයත් විය.

>කොටින්ගේ ප්‍රධාන ආදායම් මාර්ග වූයේ කප්පම් ගැනීම, කොල්ලකෑම් හා බදු එකතු කිරීම්ය. රජයේ පාලනය පැවති ප්‍රදේශවල පවා කප්පම් ගැනීම සිදු කෙරිණි. 2002 ජුනි 25 වැනිදා සුදර්ඔලි පුවත්පතේ පළ කළ දැන්වීමක් මඟින් ඔවුන් සිය බදු ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කළේය. 2001 අගභාගයේ සිට 2004 අගෝස්තු දක්වා කාලය තුළ රුපියල් කෝටි 113ක පමණ මුදලක් කප්පම් සහ බදු ලෙස අය කර ගැනීමටත්, වාහන 89ක් කොල්ලකෑමටත් කොටි සංවිධානය සමත්ව තිබූ බව 2004.9.4 වැනිදා දිවයින පුවත්පත වාර්තා කළේය.

>2004 වසරේ මැද භාගය වනවිට කොටි පොලීසි 26ක් බැංකු 8ක් උතුරු නැගෙනහිර ප්‍රදේශ තුළ පිහිටුවා තිබිණි.

>වඩාත්ම ඛේදනීය කාරණයක් වූයේ කුඩා දරුවන් පැහැරගෙන යාමය. සෑම දෙමළ පවුලකින්ම එක් දරුවෙක් කොටි සංවිධානයට ලබා දිය යුතු බවට දැඩි නීතියක් පනවා තිබිණි. ළමුන් භාරදිය නොහැකි නම් ඒ වෙනුවට දේපල, නිවාස හෝ මුදල් ලබාදිය යුතු වූ අතර මේ හේතුව නිසා දෙමළ පවුල් විශාල වශයෙන් කොටි ප්‍රදේශ අතහැර පලායන්නට වූහ. එසේ පලාගිය පිරිස්වලට දැඩි දඬුවම් ලැබිණි. දෙමාපියෝ විශාල වශයෙන් සිය දිවි නසා ගත්හ. කොටි විසින් මාස කීපයක් තුළ ළමුන් 5000ක් පමණ පැහැරගෙන ඇති බව යාපනයේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 2002 වසරේ නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.

>හමුදා පාලන ප්‍රදේශ තුළ 120 වතාවක් බලාත්කාරයෙන් ඊළාම් කොඩිය එසවීමට එල්ටීටීඊය කටයුතු කර තිබූ අතර හමුදා පාලන ප්‍රදේශ තුළද ජාතික කොඩිය එසවීම හා ජාතික ගීය ගායනා කිරීම තහනම් කෙරිණි. සිංහල ප්‍රදේශවල පවා දෙමළ බසින් වැඩ කිරීමට නියෝග පනවන ලදී.

>කොටින්ට විශාල තර්ජනයක් වී තිබූ දෙමළ ඔත්තුකරුවන් සහිත දිගු දුර මෙහෙයුම් බලකායේ සාමාජිකයන් 28දෙනාම සටන් විරාම සමය තුළ ඝාතනයට ලක්විය.

>මේ සියල්ල අතරේ කොටි විසින් විරුද්ධ දේශපාලන ක්‍රියාධරයන්, හමුදා ඔත්තුකරුවන්, හමුදා නිලධාරීන් සහ සිවිල් වැසියන් ඝාතනය කරනු ලැබීය. 2004 සැප්තැම්බර් විසි වැනිදා වනවිට ඊපීඩීපී සාමාජිකයන් 157ක්, හමුදා නිළධාරීන් 59ක් ඇතුළු පුද්ගල ඝාතන 350ක් සිදු කිරීමට ත්‍රස්තවාදීන් සමත්ව තිබිණි.

>මේ මුලු කාලය තුළ කොටි සංවිධානය විසින් 3500 වතාවකට වඩා සටන් විරාම ගිවිසුම කඩ කොට තිබිණි.

>සන්නද්ධ කල්ලියක් ලෙස පැවති කොටි සංවිධානයට වෙනම භූමියක්, හමුදාවක්, පොලිසි, බැංකු, උසාවි ආදිය සහිත පරිපාලන යාන්ත්‍රණයක් සහිත වෙනම රාජ්‍යයක තත්ත්වයට ඔසවා තැබීමට සටන් විරාමය විශාල පිටුබලයක් විය. බැංකු, පොලීසි, උසාවි, මෙන්ම නව කොටි කඳවුරු, බංකර, ගුවන් පථ, නවීන අවි ආයුධ, චන්දිකා තාක්ෂණය සහිත සන්නිවේදන මධ්‍යස්ථාන ආදිය සටන් විරාමය යටතේ කඩිනමින් ස්ථාපිත කෙරිණි.

>අද රනිල්ගේ යහපාලනය වෙනුවෙන් පෙනී සිටින, තමන් ජාතිවාදයට විරුද්ධ යැයි උදේ හවා පොළොවේ පස් කන සිවිල් සංවිධානවල පුද්ගලයන් ආදී බොහෝ දෙනා එදා මේ අන්ත විනාශකාරී, ජාතිවාදී සාමය වෙනුවෙන් පෙනී සිටියෝය.

>සාමයේ නාමයෙන් කොටි ත්‍රස්තවාදයට ලැබුණු මේ අසීමිත වරප්‍රසාද නොවන්නට අවසන් සටනේදී මීට වඩා ඉතා අඩු වන්දිගෙවීමක් සහිතව ත්‍රස්තවාදය පරාජය කරන්නට අපේ හමුදා සමත් වනු ඇත.

ඉසුරු ප්‍රසංග



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More