කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යංශය අතර පැවැති සාකච්ඡාවකදී මෙරට තාවකාලිකව රැඳී සිටින ඇමරිකානු හමුදා භටයන් සහ සිවිල් වැසියන් මෙන්ම ඇමරිකානු කොන්ත්‍රාත්කරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ගුවන්විදුලි ජාලයක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා රජය ඉඩ ලබා දී ඇති බවට තොරතුරු වාර්තා වනවා.
එම සාකච්ඡාවලට අදාළ රහස් ලියවිල්ලකින් එම තොරතුරු හෙළිවී ඇති බවයි සඳහන් වන්නේ. එසේම මෙරටට පැමිණෙන කිසිදු ඇමරිකානු ගුවන් යානයකින් හෝ නැවකින් ගොඩබෑමේ ගාස්‌තු වරාය ගාස්‌තු හෝ වෙනත් ගාස්‌තු අය නොකළ යුතු බවද ඇමරිකානු තානාපති කාර්යාලය යෝජනා කර ඇති බව සඳහන්.
මීට අමතරව ඇමරිකානු හමුදා නිලධාරීන්ට ඕනෑම තැනක නිදහසේ ගමන් කිරීමටද ඉඩදිය යුතු බවත්,ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට වෙන්වූ විදුලි සංදේශ පද්ධතියක් ස්‌ථාපිත කිරීමටද ඉඩදිය යුතු බවත් එම රහස් ලියවිල්ලේ දක්‌වා ඇති බවයි වාර්තා වන්නේ.
නෙත් ගොසිප්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...