දේශීය පුවත්

පුත්තලම වනාතවිල්ලූව ප‍්‍රදේශයේ පොල් වත්තක වළදමා තිබූ බෝම්බ නිෂ්පාදනයට යොදා ගන්නා අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 100 ක්, ඩෙටනේටර් තොගයක් ඇතුළු තවත් නීති විරෝධී භාණ්ඩ රැුසක් සමග සංවිධානාත්මක කණ්ඩායමක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (17 දා* අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති දෑ අතර ඩෙටනේටර් 100 ක් , වයර් කෝඩ් තොගයක් , ශ්‍රී ලංකාව තුළ තහනම් නයිට්ට්‍රේට් ඇසිඩ් ලිටර් 20 බැගින් වු කැන් හයක් , බල්බ තොගයක්, අධිබල පිපිරවිම් සඳහා යොදා ගන්නා සිෆෝ (වෙඩි බෙහෙත්) කිලේ 75 කට ආසන්න ප්‍රමාණයක්,බොර 12 ගිනිඅවියක් සහ පතෝරම් තොගයක් , වායු රයිෆල් එකක් ,ආරක්ෂිත කුඩාරම් දෙකක් සමඟ දින 20 කට ආසන්න කාලයකට සරිලන වියලි ආහාර තොගයක්,පරිඝනක,කැමරා,ආගමික පොත් පත් තොගයක්, පැදුරු ඇතුළු තවත් දෑ සෝදිසි කිරීම් වලදී සොයා ගෙන තිබුණි.

සිව්දෙනකුගෙන් සමන්විත වූ මෙම සංවිධානාත්මක කණ්ඩායම පොල්වත්තක් මැද කූඩාරම් ගසාගෙන එහි සැගවී සිටිමින් කිසියම් විනාශයක් සඳහා බෝම්බ නිෂ්පාදනය කිරීමට සැලසුම් කළේද යන්න පොලිසිය සැක පහළ කරයි.

පසුගිය දිනවල මාවනැල්ල හා ඒ අවට ප‍්‍රදේශවල බුද්ධ ප‍්‍රතිමා විනාශ කළ ආගමික අන්තවාදීන් පිරිසක් අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත කළ විමර්ශනයකදී මෙම අධිබල ඩෙටනේටර් ඇතුළු පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිවී ඇත.

පරික්ෂණ නිලධාරීන් ආපසු පිටත් වීමට සැරසි සිටියදී එක් ස්ථානයක් පිළිබඳව සැක සිති පරීක්ෂා කිරීමේදී එම ස්ථානයේ වල දමා තිබූ සිෆෝ නැමති අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කැන් වල අසුරා වල දමා තිබියදී සොයා ගැනීමට නිලධාරීන් සමත්ව තිබේ.

පරීක්ෂණ අවසන් වන තුරු පොලිස් විශේෂ කාර්ය බළකාය ඉඩම වටා ආරක්ෂාව යොදවා තිබූ අතර සිද්ධියේ පරීක්ෂණ සඳහා පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ නිලධාරීන් , ඇඟිලි සලකුණු අංශය, පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට පොලිස් සුනඛ ඒකකයේ රිනා සහ ලැසි නැමති සුනඛයින්ගේ සහායද ලබා ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂණ කටයුතු සඳහා රජයේ රස පරීක්ෂකවරයා පැමිණ තිබූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් විශාල පිරිසක් පැමිණ පරීක්ෂණ වලට එක්ව සිටියහ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව්දෙනා කුමන කටයුත්තක් සඳහා මෙම පුපුරන ද්‍රව්‍ය තොගය රැගෙන ආවාද යන්න තවමත් හෙළිව නැතත් ඒ සම්බන්ධව මාධ්‍යයට තොරතුර ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේක කෙරුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More