දේශීය පුවත්

බ්‍රිතාන්‍යයේ දෙමළ ජාතිකයන්ට මරණ තර්ජන එල්ල කිරීම සහ යුද අපරාධ සිදු කළ බවට චෝදනා කරමින් විනෝද ප්‍රියන්ත පෙරේරා සහ පල්ලියගුරුගේ නැමැති සිංහලයන් දෙදෙනා බ්‍රිෙග්ඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව වෙස්ට්මිනිස්ටර් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් ඉල්ලා ඇත.

මෙම නඩුව ජනවාරි (21) දා විභාගයට ගැනීමට තීරණය වී තිබේ. එහෙත් බ්‍රිෙග්ඩියර්වරයා නඩුවට පෙනී සිටිම ප්‍රතික්ෂේප කර ඇත.

මෙම නඩුව විභාග වන අවස්ථාවට පැමිණෙන ලෙස කොටි ඩයස්පෝරාව බ්‍රිතාන්‍ය ඊළාම්වාදීන් ගෙන් ඉල්ලා තිබේ. ඩයස්පෝරා ක්‍රියාකාරිකයෙකු වූ මජුරන් සතානන්දන් විසින් ද මෙවානිම නඩුවක් වෙස්ට්මිනිස්ටර් අධිකරණය ඉදිරියේ පවරා තිබේ.

වන්නි මෙහෙයුමට සම්බන්ධ ජේෂ්ඨ හමුදා නිලධාරියෙකුට එරෙහිව විදේශයකදී පැවරූ දෙවැනි නඩුව මෙයයි. මෙම නඩුව සඳහා බ්‍රිතාන්‍ය චැනල් ෆෝ රූපවාහිනියේ වීඩියෝ පට සාක්ෂි ලෙස ඉදිරිපත් කර තිබේ.

රටින් පිටත ඊළාම් ආණ්ඩුව නැමැති සංවිධානය බ්‍රිෙග්ඩියර්වරයාට එරෙහි සඳහා ලන්ඩන් නුවර ඉහළම මුදලක් අය කරන නීතිවේදීන් දෙදෙනෙකුගේ සහය ලබාගෙන ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More