දේශීය පුවත්

නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒම මේ මොහොතේ යෝග්‍ය නොවන බවත්, මැතිවරණයකට පසුව ඒ සඳහා කටයුතු කිරීම වඩා සුදුසු වන බවත්, මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පැවසූහ.

මෙම ව්‍යවස්‌ථා ක්‍රියාවලිය වසර දෙක තුනක පටන් ආරම්භ කර ඉදිරියට පවත්වා ගෙන ආ එකක්‌ බවත් මෙය කඩිමුඩියේ ගෙන එන එකක්‌ ලෙස පිළිගත නොහැකි බවත් කී මහනාහිමියෝ පවතින තත්ත්වය අනුව මෙම අවස්‌ථාවේ නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමට අවශ්‍ය කාලය නොමැති බැවින් වඩා සුදුසු වන්නේ ජනාධිපතිවරණ මහමැතිවරණ පළාත් සභා මැතිවරණ ආදී මැතිවරණ සියල්ල අවසාන වීමෙන් පසු මේ සඳහා කටයුතු කිරීම බවද කීහ.

එබැවින් ඉදිරියට ඇති කාලසීමාවේදී ව්‍යවස්‌ථා සංශෝධන පසෙක තබා ජනතාවගේ ගැටලු සඳහා විසඳුම් සොයා බලා ජනතාවට සහන ලබා දීමට කටයුතු කිරීම යෝග්‍ය බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන එමින් රට බෙදීමේ අවශ්‍යතාවක්‌ කිසිවකුට හෝ ඇතැයි තමන් වහන්සේ විශ්වාස නොකරන බව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පැවසූහ.

විපක්‌ෂය නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක්‌ද නව ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කිරීම පිණිස පත්කළ කමිටු නියෝජනය කරමින් අදහස්‌ ඉදිරිපත් කර තිබෙන බවත් ගෙන ඒමට යෝජිත ව්‍යවස්‌ථාව සඳහා වන යෝජනා තුළ නරක මෙන්ම හොඳ ද තිබෙන බවත් උන්වහන්සේ කීහ.

නව ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කිරීම උදෙසා ව්‍යවස්‌ථා මණ්‌ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් පත් කරනු ලැබූ විශේෂඥ කමිටුවේ වාර්තාව පිළිබඳව මල්වතු අස්‌ගිරි උභය මහ විහාරීය මහනායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ දෙනමට පිළිගන්වා කරුණු ඉදිරිපත් කිරීම පිණිස එක්‌සත් ජාතික පක්‌ෂයේ මැති ඇමැතිවරු කණ්‌ඩායමක්‌ ඊයේ (18 දා) ගිය අවස්‌ථාවේ උන්වහන්සේ මේ බව පැවසූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More