දේශීය පුවත්

ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයා බැලු ජනාධිපති විමර්ෂණ කොමිසමේ අන්තර් ජාලයට යොමුකර තිබෙන වාර්තාවේ පිටු 103 ක් අඩුවී ඇති බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (18)පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළඋරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ අන්තර්ජාලයට යොමුකර තිබෙන වාර්තාවේ පිටු 103ක් අඩු බවයි. මෙම වාර්තාව ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් කළ අවස්තාවේ මෙම වාර්තාවට පිටු 1257 ඇතුළත් වූ බව ප්‍රකාශ වූ බවත් අන්තර් ජාලයට යොමුකළ වාර්තාවේ තිබෙන්නේ පිටු 1154 බවත් ගම්මන්පිල මන්ත්‍රිවරයා පෙන්වා දෙයි. මෙම වාර්තාවේ පිටපතක් රවී කරුණානායක මහතාට ලැබී ඇති බවට වාර්තා පලවූ බවත් මෙසේ පිටු 103ක් අඩුවී තිබෙන්නේ එය එක්සත් ජාතික පක්ෂයට අවාසිවන නිසාද කියා සාධාරණ සැකයක් මතුවන බවත් උදය ගම්මන්පිල මහතා මෙහිදී ප්‍රශ්නකර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More