ව්‍යවස්ථා කෙටුම්පතට අදාළ දෙවැනි අතුරු වාර්තාවට අනුව බලය බෙදාහරින ආකාරය එජාපය රටට හෙළි කළ යුතුව ඇතැයි නීතිඥ කල්‍යානන්ද තිරාණගම පැවැසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථාන කාර්යාලයේ ඊයේ (17දා) පැවැති පුවත්පත් සාකච්ඡාවේදීය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනා ආකාරයටම මෙම ව්‍යවස්ථා කෙටුම්පතත් වැල්වටාරම් දමා සකසා ඇතැයිද ඒ මහතා පැවැසීය.
19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් සම්මත කරගත්තා සේ තක්කඩි ලෙස ජනතාව රැවටීමේ අරමුණින් මෙම ව්‍යවස්ථා කෙටුම්පත සකසා තිබෙන බවද තිරාණගම මහතා කියා සිටියේය.
එහිදී කල්‍යානන්ද තිරාණගම මහතා මෙසේද පැවැසීය.
මෙම නව ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමේදී සෑම පක්ෂයක්ම යෝජනා ලබා දුන්නා. නමුත් එක්සත් ජාතික පක්ෂය කිසිම යෝජනාවක් ලබා දුන්නෙ නෑ.
අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් අහන්නෙ මොකක්ද බලය බෙදාහැරීමට දෙන යෝජනා. රට බෙදන්නෙ නෑ. බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය අහෝසි කරන්නෙ නෑ. නමුත් බලය බෙදනවා කියලා කියනවා. එජාපයට ඡන්දය ලබාදුන් ලක්ෂ හතළිහක පමණ ජනතාවක් පක්ෂ නායකයාගෙන් ප්‍රශ්න කළ යුතුයි. රට නොබෙදා බලය බෙදන හැටි රටට කියන්න.
ප්‍රතිපත්ති එකයි. මුදල් ඒකකය එකයි. එකම පාස්පෝට් එකක්. නමුත් එකම රටක බලය බෙදනවා. ඒ කියන්නෙ ඒ ඒ පළාතට තමන් කැමැති කැමැති දේ කරන්න බලය දෙන එක. පසුගියදා බලය රැකගන්න දෙමළ සන්ධානය රනිල්ට සහාය වුණේ කොන්දේසිවලට යටත්ව. උතුරේ සංවර්ධනය රනිල් භාරගත්තෙ ඒ අනුවයි.
මේක සුමන්තිරන්ලට යටවුණ ආණ්ඩුවක්. එල්ටීටීඊයේ දේශපාලන හස්තය තමයි දමිළ සන්ධානය. දැන් තුවක්කුවෙන් කරගන්න බැරි වූ දේ සුමන්තරන්ලා වචනවලින් ලබාගන්නයි හදන්නෙ. සුමන්තිරන්ලා එකතු වෙලා රනිල්ගෙ ආණ්ඩුව බය කළාට මේ රටේ ජනතාව ඒවට බය වෙන්නෙ නෑ.
අතිබහුතර දමිළ ජනතාව දමිළ සන්ධානයට විරුද්ධයි. ඒ අය හදන්නෙ කුල පීඩනය ඇති කරලා ඒ හරහා ඔවුන්ව ආරවුලකට ඇදලා ගන්න. එජාපය කියන්නෙ රට පාවා දුන් පක්ෂයක් නෙවෙයි. 87 අස්සන් කළ ඉන්දු – ලංකා ගිවිසුමේදී පවා ජනතා හඬට කන්දීලා ජේ.ආර්. යම් යම් සීමා යටතේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවා. ඒක හරියට ක්‍රියාත්මක වුණා නම් රට කෑලි නවයකට කැඩිලා. දැන් මේ දමිළ සන්ධානය රනිල් හරහා කරගන්නෙ ඒ ටිකයි. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනැල්ලා විධායක ජනාධිපති ධුරය අහෝසි කරලා ඊළාම් රාජ්‍යයට පාර කපා ගන්නයි මේ යන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...