එජාපයේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.
ඊයේ (17දා) ධීවර අමාත්‍යාංශයේ පැවැති නිල් කකුළුවන් අපනයනය පිළිබඳ වැඩ සටහනකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයක් හමුවේ මේ බව පැවැසූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේද කීය.
‘‘අපේ පක්ෂයේ බහුතරයක් කැමැති සජිත් ප්‍රේමදාස මැතිතුමාට. ඒ වගේම කෘත්‍යාධිකාරි මණ්ඩලයත් එතුමා ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කරන්න කැමැතියි. පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා අවුරුදු 1 1/2ක් විතර ඉන්න ඕනි. ව්‍යවස්ථාවේ හැටියට අපි දැන් ජනාධිපතිවරණයකට ලෑස්ති වෙලා ඉන්නේ. ඒ සඳහා සජිත් ප්‍රේමදාස මහතාව ඉදිරිපත් කරන්න ලකලෑස්ති කරලා තියෙන්නේ. එක එක අයට විවිධ මත ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් අපේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා.‘‘
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...