දේශීය පුවත්

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේදී ඉක්මන් විසඳුමකට එළැඹෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරයා අගමැතිවරයාට සහ දේශපාලන පක්ෂ නායකයින්ට ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේදී ඉකුත් දා පැවැති දේශපාලන පක්ෂ නායකයින්ගේ රැස්වීමකදී එළැඹි තීන්දු තීරණ ඇතුළත් සාකච්ඡා සටහන්ද සමඟ මැතිවරණ කොමිෂන් සභාව එම ලිපිය යවා ඇත.

දේශපාලන පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග හතරක් පිළිබඳව සාකච්ඡා කෙරුණු බවද එම විකල්ප ක්‍රියාමාර්ග වලින් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට පාර්ලිමේන්තුව කටයුතු කිරීම වැදගත් වනු ඇතැයිද මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂ නායකයින්ට යවා ඇති එම ලිපියේ සඳහන් කර ඇතැයිද පැවැසේ.

මේ පිළිබඳව කළ විමසුමකදී මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ දැනට පවතින නෛතික ගැටළු විසඳුනහොත් ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයක් පැවැත්වෙනු ඇති බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More