ලංකාව “ඔරුමිත්තනාඩු” කිරීමට සහ උතුර ෆෙඩරල් කිරීම සම්බන්ධයෙන් පවසන කිසිදු දෙමළ දේශපාලඥයෙකුට දකුණේ සිංහලයින් සමඟ ජීවත් වීමට කිසිදු අයිතියක් නොමැති බව සරත් වීරසේකර මහතා පැවසීය.
ජාතික සංවිධානයේ අද(17) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
ලංකාව “ඔරුමිත්තනාඩුවක්” කිරීමට හෝ උතුර දෙමළ ජාතියට පමණක් ජීවත් වීමට හැකි ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් කරනනැයි පවසන්නේ නම් එසේ පවසන සුමන්තිරම් මහතාට හෝ විග්නේශ්වරන් මහතාට කොළඹ දකුණේ සිංහල ජනතාව හෝ මුස්ලිම් ජනතාව සමඟ ජීවත් වීමට කිසිදු අයිතියක් නොමැති බවත් ඔහු පැවසීය.
ඔවුන් මින් පසුවත් එසේ ප්‍රකාශ කරන්නේ නම් උතුරට ගොස් පදිංචි වීමෙන් පසුව එසේ පවසන ලෙසත් පැවසීය.
එසේම අද වන විට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද්‍රවිඩ සන්ධානය ඉදිරියේ දණින් වැටී යාඥා කරන තත්ත්වයකට පත්ව ඇති බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.
සමුන්තිරන් මහතා වැනි අයෙක් ආණ්ඩුව පාලනය කරන්නේ ඔවුන් යනුවෙන් සිදු කරන ප්‍රකාශ හමුවේ පක්ෂයේ නායකයා නිහඩව සිටීම ලැඡ්ඡා විය යුතු කරුණක් බවත් සරත් වීරසේකර මහතා පැවසීය.
උතුර ෆෙඩරල් කරන්න කියන කිසිම දෙමළ දේශපාලඥයෙකුට දකුණේ ජීවත් වෙන්න අයිතියක් නෑ
උතුර ෆෙඩරල් කරන්න කියන කිසිම දෙමළ දේශපාලඥයෙකුට දකුණේ ජීවත් වෙන්න අයිතියක් නෑරියර් අද්මිරාල් සරත් විරසේකරවිඩියෝ එක Shares කරන එකත්, " lanka lead " pege එකට Like කරන එකත් ජාතික යුතුකමක්!
Gepostet von Lanka Lead News am Donnerstag, 17. Januar 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...