ශ්‍රී ලංකා නිදහස්පක්ෂය රැකගමු යැයි කියමින් ආසන සංවිධායකවරුන් දිරිගැන්වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ වන විට මඟහැරීමට පටන් ගෙන ඇතැයි ශ්‍රී ලනිප ආසන සංවිධායකයෝ පවසති.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් යටතේ ඉදිරි දේශපාලන ගමන යා යුතු බව කියමින් හිටපු ජනාධිපතිනිය විසින් ආසන සංවිධායකවරුන් සමඟ මීට කලකට පෙර සාකච්ඡා කළ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටු පක්ෂය) සම්බන්ධ නොවී තමන් ඇතුළු පිරිසක් පක්ෂය සමඟ කටයුතු කළ බවත් ඔවුහු කියා සිටිති.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීමට අදාළව හිටපු උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ නිවෙසක පැවැති ශ්‍රී ලනිප සංවිධායක පිරිසකගේ සාකච්ඡාවෙන් පසුව ඒ පිළිබඳ ආන්දෝලනයක් ඇති විය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයකින් ජනාධිපතිවරණයකට ගියහොත් තමන්ට යන එන මං නැතිව යන බවත් මේ සම්බන්ධව සාකච්ඡා කිරීමටවත් අවස්ථාව නොදී හිටපු ජනාධිපතිනිය දැන් මඟහැරීමට පටන් ගෙන ඇතැයිද ඔවුහු කියා සිටිති.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැඳී සිටි සංවිධායකයන් ඇතුළු පිරිස පත්ව ඇති තත්ත්වය හා ඉදිරියේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මෙම පිරිස ලිපියක් යොමු කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...