දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සම්බන්ධිකරණ ලේකම් වරයෙකු වන ශිරාල් ලක්තිලක මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් මහාචාර්යවරයෙකු වන එම්. ඕ. ඒ. ද සොයිසා මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවී තිබේ අද (18) උදෑසන පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක සජීවී දේශපාලන වැඩසටහනකදී මෙම මතගැටුම ඇතිවී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයට විදෙස් ජාතිකයෙකුවන අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත්කිරීම, විධායක ජනාධිපති ධුරය අහෝසිකරන බවට පුජ්‍ය මදුළුවාවේ සෝභිත නාහිමියන් ගෙන ගිය සටන අත්හැරීම ඇතුළු කරුණු රැසක් මුල් කරගෙන මෙම වාග් හුවමාරුව සිදුවී ඇත.
මෙම බොහෝ සිදුවීම්වලට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් වගකිවයුතු බව මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා මහතා ප්‍රකාශ කරඇති බව වාර්තා වේ. ශිරාල් ලක්තිලක මහතා ප්‍රකාශ කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂය මීට වගකිවයුතු බවයි. “බොරු කාරයා, හොරාට බුදියගැනීම සහ ඇත්තට බුදියගැනීම” වැනි දෙබස්ද මෙම වාග් හුවමාරුවට ඇතුළත්වී තිබේ. ජනාධිපතිවරයාටත් අග්‍රාමාත්‍යවරයාටත් චෝදනා නොකරන ලෙසට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර එකඟකාවක් ඇතිවී පැය 24 ක් ගතවීමටත් පෙර මේ ආකාරයෙන් ප්‍රසිද්ධියේ යළි විවේචන එල්ලකරගැනීම ආරම්භවී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More