අග්‍රාමාත්‍ය ධූරයෙන් සහ කැබිනට් අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
ඒ, අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේය.
පෙත්සම කැඳවූ අවස්ථාවේ එහි වගඋත්තකරුවන් වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු 122 දෙනෙකු අභියාචනාධිකරණයට ගොනු කර ඇති පෙත්සම ඉවත් කර ගන්නවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් උපදෙස් ලබා ගෙන අධිකරණයට කරුණු දැක්වීම සඳහා කල් ලබා දෙන ලෙස ය.
ඒ අනුව පෙත්සම් විභාගය ලබන මස 6 වන දාට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...