නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ඒ පිළිබදව කෙටුම්පතක්වත් ඉදිරිපත් කර නොමැති අවස්ථාවක ඇතැම් පාර්ශ්ව ඒ පිළිබඳව අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එම අසත්‍ය ප්‍රචාර හමුවේ මුලා නොවී සිටින ලෙස සියළු රටවැසියන්ගෙන් ඉල්ලා සිටින බව ඊයේ (15) අරලිය ගහ මන්දිරයේ පැවැති තෛපොංගල් උත්සවය අමතමින් අගමැතිවරයා සඳහන් කළේය.
මෙම ප්‍රකාශයත් සමඟ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවත් දෙමල ජාතික සන්ධානයත් අතර දැඩි විරසකයක් ඇතිව තිබේ. මේ හේතුවෙන් ආණ්ඩුවේ බහුතරය ගැන යළිත් අර්බුදයකට පත්ව තිබේ.
ඒ අනුව දෙමල ජාතික සන්ධානය අගමැතිවරයාගේ එම ප්‍රකාශය ගැන දැඩි විරෝධයක් මතු කර ඇති අතර ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව පිහිටුවීමට පෙර දෙමල ජනයා වෙනුවෙන් ලබාදුන් පොරොන්දු කඩ කර ඇති බවයි.
විශේෂයෙන් අගමැතිවරයා සුපුරුදු පරිදි දෙමළ ජනතාව මුලා කර ඇති බවත් තමන්ගේ යෝජනා අනුව අලුත් ව්‍යවස්ථාව සකස් කිරීමට සියල්ල සිදු කෙරෙමින් පවතිද්දී මෙවැනි ප්‍රකාශයක් කිරීම තුළින් අගමැතිවරයාගේ දෙබිඩි පිළිවෙත හෙළිවන බවත් දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පවසති.
දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ. සුමන්තිරන් මහතා පවසන්නේ අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය පැමිණි අවස්ථාවේදී සිය සන්ධානය හා අග්‍රාමාත්‍යවරයා අතර බොහෝ සාකච්ඡා සිදු වූ බවයි.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ ව්‍යවස්ථා යෝජනා කෙටුම්පත සහ උතුරු සංවර්ධනය අග්‍රාමාත්‍යවරයා යටතට පත් කිරීම එම සාකච්ඡාවල ප්‍රථිඵල බව සුමන්තිරන් මහතා පෙන්වා දෙයි.
ඒ අනුව දෙමල ජාතික සන්ධානයට දුන් පොරොන්දු කඩ කරමින් අගමැතිවරයා කළ ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව දෙමල ජාතික සන්ධානය ප්‍රකාශ කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...