රජයේ සංස්ථා සහ මණ්ඩලවල සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය මෙම සතියේ පත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.
ඉකුත්දා පැවති කැබිනට් රැස්වීමේ දී ද ජනාධිපතිවරයා දැනුම් දී තිබුණේ සතියක් තුළ මෙම පත් කිරීම් සිදු කරන ලෙසටය.
රජයේ සංස්ථා හා මණ්ඩල සඳහා සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය පත් නොකිරීමෙන් එම ආයතනවල කටයුතුවලට ගැටළු මතුව ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබුණි.
කැබිනට් මණ්ඩලය දිවුරුම් දී ලබන 20 වැනිදාට මාස 02ක් සම්පූර්ණ වන අතර එහෙත් රජයේ සංස්ථා සහ මණ්ඩල සඳහා ප‍්‍රධානීන් මෙතෙක් පත් කර නැත.
මේ අතර දින 10ක් තුළ හදිසි විදුලි මිලදී ගැනීමකට විෂයභාර අමාත්‍ය රවී කරුණානායක කරන ලද යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ දී විරෝධය පළ වී ඇති බවද වාර්තාවේ..
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...