රටට අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්්ථා ගෙන ඒමට උත්සාහ කිරීමට වඩා ජනතාවගේ ආර්ථික දුෂ්කරතාවට පිළියම් සෙවීමට රජය උත්සාහ කිරීම අවශ්‍ය යැයි මල්වතු – අස්ගිරි මහානායක අතිපූජ්‍ය ස්වාමීන්ද්‍රයන් වහන්සේ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා තමන් වහන්සේ බැහැදුටු අවස්ථාවේ පැවසූහ.
රාජ්‍ය අමාත්‍ය විජයවර්ධන මහතා අඟහරුවාදා (15 දා) පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශී‍්‍ර ඤාණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැ දුටුවේය.
ජනතාවගේ ආර්ථික බර ඉහළ යමින් පවතින බවත් ආර්ථික අපහසුතාව ලිහිල් කිරීම සඳහා රජය වැඩි උනන්දුවක් දැක්විය යුතු බව අස්ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙන්ම මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවේ පවසා සිටියහ.
ජනතාවගේ ආර්ථික බරත් අපරාධ රැුල්ලත් ඉහළ යමින් පවතින බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශී‍්‍ර ඤාණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැවසූහ.
එසේම රටේ විරෝධයක් ඇති වී තිබියදී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පෙබරවාරි 04 වැනිදාට පෙර සම්මත කර ගැනීමට රජය උත්සාහ කරන බවක් දැන ගැනීමට තිබෙන බව ද අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැවසූහ.
මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද අදහස් දක්වමින් ජනතාව මුහුණපා සිටින ආර්ථික ප‍්‍රශ්නය විසඳීමට වැඩි උනන්දුවක් රජය දැක්විය යුතු බව පෙන්වා දුන්හ.
එසේම දිළිඳුකම ඉහළ යමින් තිබෙන අතර මිනිස් ඝාතන වැනි අපරාධ රැල්ල ද ඉහළ යමින් පවතින බව ද අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැවසූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...