දේශීය පුවත්

ආණ්ඩුව කැබිනට් තීරණයක් ගන්නා විට දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම තීරණය ගත යුතු බවට වන ඒකාබද්ධ යාන්ත්‍රණයක් මේ වන විට ක්‍රියාත්මකව පවතින බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා මහතා ප්‍රකාශ කෙළේය.

එම යාන්ත්‍රණයට අනුව ආණ්ඩුව වැඩ කළ යුත්තේ දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව වන බවද හෙතෙම අවධාරණය කළේය.

ඒ සඳහා ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීමට දෙමළ සන්ධාන පාර්ශ්වයේ කණ්ඩායමක් නම් කර තිබෙන බවද ඊළාම් තමිල් අරසුකච්චියේ නායකයකු වන සේනාධිරාජා මහතා තවදුරටත් සඳහන් කළේය.

හෙතෙම මේ බව සඳහන් කළේ යාපනයේ වීරසිංහම් ශාලාවේදී පසුගිය සෙනසුරාදා (12දා), වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා පැවැති සම්මන්ත්‍රණයකදීය.

මේ අතර අගමැතිවරයා යටතට උතුර, නැඟෙනහිර සංවර්ධනය පවරාදීමට හේතුවූයේ ඔහුගේ නායකත්වයෙන් දෙමළ ජාතික සන්ධානයේද නියෝජිතයන් සහභාගි කරගෙන ඉක්මනින් සංවර්ධන කටයුතු සිදු කිරීමට බවත් ඒ සඳහා රජය සමඟ එකඟතාවකට පැමිණ තිබෙන බවත් එම සම්මන්ත්‍රණය ඇමැතූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා පැවැසීය.

අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගය ගෙනා අවස්ථාවේ ඔහුට දෙමළ ජාතික සන්ධානය සහාය දීම පිළිබඳ නොයෙක් විවේචන තිබුණත් එම අවස්ථාවේ කළ සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස මෙම තත්ත්වය ඇතිව තිබෙන බවද සුමන්තිරන් මන්ත්‍රිවරයා එහිදී සඳහන් කෙළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More