යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලිය වහාම නැවැත්වීමට ජනාධිපතිවරයාටත් අග්‍රාමාත්‍යවරයාටත් උපදෙස් ලබා දෙන්නැයි ජාතික සමතා බලවේගය සංවිධානයේ භික්ෂූන් වහන්සේලා අද මල්වතු හා අස්ගිරි මහානාහිමිවරුන්ගෙන් ඉල්ලා සිටියෝය.
ජාතික සමතා බලවේගය සංවිධානයේ භික්ෂූන් වහන්සේලා ඇතුළු නියෝජිතයින් අද (15) උදෑසන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණ අධිෂ්ඨාන පූජාවක නිරත වූහ.
ඒ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමට සහ 20 ව්‍යවස්ථා සංශෝධනයට ඉදිරිපත් කිරීමට එරෙහිවයි.
බෙදුම්වාදය සඳහා කෙටුම්පත සකස් කරන මොහොතේ සිට රනිල් වික්‍රමසිංහ මහතා බිය වීමට හේතුවක් නොමැති බව පැවසීම,” කුළුගෙඩියකින් ඔළුවට ගහලා බය වෙන්න එපා කියනවා වගේ දෙයක් ” යැයි ද මෙහිදී අදහස් දක්වමින් පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියා් පැවසුවෝය.
අනතුරුව භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදැකීම සඳහා මල්වතු මහා විහාරය වෙත පැමිණියෝය.
අනතුරුව ජාතික සමතා බලවේගය සංවිධානයේ භික්ෂූන් වහන්සේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් ද බැහැ දුටුවෝය.
මෙහිදී අදහස් දක්වමින් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් මෙසේ පැවසීය.
”අස්ගිරි මල්වතු ඇතුළු සියලුම මහනායක ස්වාමීන් වහන්සේලා ගෙන් අපි ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිනවා ජනාධිපති තුමාටයි, අගමැතිතුමාටයි, ඔබ වහන්සේලා වෙත කැඳවලා මේ අවස්ථාව ව්‍යවස්ථාවක් සම්පාදනය කළයුතු හෝ ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු අවස්ථාවක් නොවෙයි කියා ඔවුන් දෙපළට උපදෙස් දෙන ලෙසට” යනුවෙන් පවසා සිටියෝය.
එසේම මැදගොඩ අභයතිස්ස හිමියෝ වැඩිදුරටත් අදහස් දක්වමින් මහා නායක ස්වාමින් වහන්සේලා අගමැතිතුමාගෙනුත්, ජනාධිපතිතුමාගෙනුත් ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට අවශ්‍ය නම් මහ මැතිවරණයකට ගොස් මහජනතාවගෙන් ව්‍යවස්ථා සංශෝධනයට ජනවරමක් හෝ අවසරය ගන්නා ලෙස උපදෙස් දෙන්නැයි අපි ඉල්ලා සිටිනවා” යැයි පවසා සිටියෝය.
ජාතික සමතා බලවේගයේ දළදා මාලිගාවේදී පැවැත්වූ බෙදුම්වාදි ව්‍යවස්ථා විරෝධි සත්‍යක්‍රියාව
ජාතික සමතා බලවේගයේ දළදා මාලිගාවේදී පැවැත්වූ බෙදුම්වාදි ව්‍යවස්ථා විරෝධි සත්‍යක්‍රියාව
Gepostet von National Equity Movement am Dienstag, 15. Januar 2019
ජාතික සමතා බලවේගය දළදා මාලිගාවේදී පැවැත්වූ බෙදුම්වාදි ව්‍යවස්ථා විරෝධි සත්‍යක්‍රියාව
ජාතික සමතා බලවේගයේ දළදා මාලිගාවේදී පැවැත්වූ බෙදුම්වාදි ව්‍යවස්ථා විරෝධි සත්‍යක්‍රියාවහිරැ නිවුස් 2019.01.15
Gepostet von National Equity Movement am Dienstag, 15. Januar 2019



ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...