පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මෙහෙයුම් මණ්ඩල විශේෂඥ කමිටු වාර්තාවෙන් සිංහල, දෙමළ ජනතව රවටමින් ෆෙඩරල් විසඳුමකට පදනම දමා තිබෙන නිසා එම විශේෂඥ කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන බව ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
මෙම කමිටු වාර්තාවේ සිංහල පරිවර්තනයෙහි ‘ඒකීය’ යන වචනය තිබෙන අතර දෙමළ පරිවර්තනයෙහි ‘ඔරුමිත්තනාඩු’ වචනය තිබෙන බව ඩග්ලස් දේවානන්දා මහතා පෙන්වා දෙයි.
‘ඔරුමිත්තනාඩු’ කියන දෙමළ වචනයෙහි සිංහල තේරුම ‘එක්සත්’ බව පෙන්වාදෙන දේවානන්දා මහතා ප්‍රකාශ කරන්නේ ‘ඒකීය’ යන වචනයෙහි දෙමළ නියම අර්ථය විය යුත්තේ ‘ඔච්චයිආච්චි’ බවයි.
‘ඔරුමිත්තනාඩු’ යන වචනය වෙනුවට ‘ඔච්චයිආච්චි’ යන වචනය ඇතුළත් කරන ලෙසට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මෙහෙයුම් මණ්ඩල රැස්වීම්වලදී තමා කොතරම් ඉල්ලා සිටියද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා ඊට දැඩි විරෝධය පළ කළ බවද ඩග්ලස් දේවානන්දා මහතා පෙන්වා දෙයි.
මෙම විශේෂඥ කමිටු වාර්තාවේ දෙමළ පරිවර්තනයට ‘ඔරුමිත්තනාඩු’ කියන වචනය ඇතුළත් කිරීම තුළින් පෙනී යන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පදනම ෆෙඩරල් රාජ්‍යයක් බවත් දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රිවරයා සිංහල හා දෙමළ ජනතාව රවටමින් රට ෆෙඩරල් කිරීමේ ක්‍රියාවලියේ ඉතා සූක්ෂ්මව නිරතව සිටින බවත් දේවානන්දා මහතා පවසයි.
මෙම කමිටු වාර්තාව විශේෂඥයන් විසින් සාදන ලද බවට ප්‍රකාශ වුවද මෙම කමිටු වාර්තාව මුළුමනින්ම සකස් කර තිබෙන්නේ සුමන්තිරන් මහතා බවට තමා චෝදනා කරන බවද දේවානන්දා මහතා ප්‍රකාශ කරයි. ඒකීය රාජ්‍යයක් තුළ දේශපාලන විසඳුමකට කැමැති බවට දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරන්නේ අවංක අදහසින් නොවන බවත් ඔවුන් තුළ තිබෙන එකම යටි අරමුණ ෆෙඩරල් පාලනයකට රට ගෙන යෑම බවත් ‘ඔරුමිත්තනාඩු’ වචන ඇතුළත් කර තිබෙන්නේ ඒ නිසාම බවත් දේවානන්දා මහතා අවධාරණය කරයි.
‘ඔරුමිත්තනාඩු’ වචනය යොදාගනිමින් දෙමළ ජාතික සන්ධානය සිංහල හා දෙමළ ජනතාව රැවටීමට සිදුකරන ක්‍රියාදාමය පිළිබඳව ආගමික නායකයන්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්වරුන් ඇතුළු දේශපාලන පක්ෂ නායකයන් හා විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් මෙන්ම රටේ පොදු මහජනතාවද දැනුවත් කිරීමට පියවර ගන්නා බව ඊ.පී.ඩී.පී. නායකයා වැඩිදුරටත් පවසා සිටියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...