දේශීය පුවත්

රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන සන්ධානයකින් ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට මේ වන විට අපේක්‍ෂකයන් පස් දෙනෙකු යෝජනා වී ඇති බව පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

එම පක්‍ෂ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ගම්මන්පිල මහතා මෙම අදහස් පළ කළේය.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් මුලින්ම යෝජනා කළේ මමයි. වාසුදේව නානායක්කාර මැතිතුමා චමල් රාජපක්ෂ මැතිතුමාගේ නම යෝජනා කළා. විමලවීර දිසානායක මන්ත්‍රීතුමන් බැසිල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළා. බැසිල් රාජපක්ෂ මහතා විසින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රී තුමන් ගේ නම යෝජනා කළා. දැන් දයාසිරි ජයසේකර මන්ත්‍රී තුමන් විසින් මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපති තුමන්ගේ නමත් යෝජනා කර තියෙනවා.

ජනාධිපතිවරණයට තව මාස නවයක් තියෙනවා.. ඒ සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුදැයි දැන් ම සඳහන් කරන්න අවශ්‍ය නැහැ. මොකද තවත් මාස නමයක පමණ කාලයක් ජනාධිපතිවරණයට තියෙනවා.

එජාපයත් පොදු අපේක්ෂකයා විදිහට විවිධ නම් ප්‍රකාශ කරමින් ඉඳලා තමයි අවසන් මොහොතේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ව ජනාධිපතිවරණයට ගෙන එන්නේ. අපි ජනතාවට එකක් සහතික කර කියනවා. ජනාධිපතිවරණයට අපගේ පාර්ශවයෙන් ඉදිරිපත් වී තිබෙන නම් පහ අතරින් ජනප්‍රියතම පුද්ගලයා තමයි අපේ අපේක්ෂකයා වන්නේ. මොකද අපි මැතිවරණයකට යන්නේ දිනන්නයි. එයා කවුදැයි තීරණය කිරීම ජනතාවටම බාරයි.

– අරවින්ද අතුකෝරල



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More