දේශීය පුවත්

දැනට සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා හින්දු කෝවිල් 400ක් විසින් වෙන වෙනම ලිපි සකස් කර මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාට භාරදීමට සැලසුම් කර තිබේ.

මෙම ලිපි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත හෙට(16දා) දිනයේ භාරදීමටත්,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එම ලිපි ලබාදෙන ලෙස ඉල්ලීමක් කිරීමටත් සමස්ත ලංකා හින්දු සම්මේලනය යොදාගෙන තිබේ.

ඥානසාර හිමියන්ට ඉතා ඉක්මනින් ජනාධිපති නිදහස ලබාදිය යුතුය යන්න හින්දු ජනතාවගේ අදහසයැයි සමස්ත ලංකා හින්දු සම්මේලනයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ අතර වයඹ ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් එම පළාතේ සියලුම ශාසනාරක්ෂක බලමණ්ඩලවල ඉල්ලීම් ඇතුළත් ලිපියක් වයඹ ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතාට ලබන18 වැනිදා භාරදීමට සැලසුම් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More