දේශීය පුවත්

තෛපොංගල් උත්සවය අදයි

January 15, 2019 1:31 am | Lanka Lead News

“අස්වැන්න නෙලීමේ උත්සවය”යන අරුත ඇති තෛපොංගල් උත්සවය අද (15) ලොව පුරා වාසය කරන දමිළ ජනතව විසින් සමරනු ලබයි.

පොංගල් ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල සමරනු ලබන ‘මකර සන්ක්‍රාන්ති’ සමග බැදීමක් පවතී. පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ “උතුරා යාම නොහොත් පිටාර ගැලීමයි”. මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම තම පවුලේ අනාගත සෞභාගයයේ සළකුණක් ලෙස මොවුන් සලකයි.

තෛපොංගල් උත්සවය මගින් තවත් අලුත් වසරක් සඳහා සූර්ය භ්‍රමනය ආරම්භ වීම සැරසීම ආරම්භ වේ. දමිළ, හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සුර්යයාට පුජා කිරීම සුර්ය මංගල දිනයේ දී කරනු ලැබේ.

මෙම උත්සවය දමිළ ජනයා සඳහා පමණක් ම වෙන්වුවක් නොවේ. මහා භාරතයේ සඳහන් වන පරිදි එය මුලු ඉන්දියානු ජනතාවටම පොදු චාරිත්‍රයකි. භිෂ්මා තම මිනිස් ජීවිතය වතහැරීම සුර්යයා උතුරු දිසාවට හැරීමේ දී සිදු වු බවත්, එම සිදුවීම ‘උත්තරායන’ නමින් හදුන්වයි.

තෛපොංගල් සුබ පැතුම් පණිවුඩ

කිරි උතුරන්නාක් මෙන් සිත් තුළ සංහිඳියාව විකසිත විය යුතුයි – ජනපති

කිරි උතුරන්නාක් මෙන් සියල්ලන්ගේ සිත් තුළ සෙනෙහස ප‍්‍රීතිය උතුරාගොස් සංහිඳියාව විකසිත විය යුතු බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තෛපොංගල් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.


සමානාත්මතාව සහ කෘතවේදීත්වයේ අගය වටහා දෙන මහ`ගු උත්සවයක් – අගමැති

වාර්ගික ආගමික අන්තවාදී බලවේග පරදවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජයග‍්‍රහණය කළ වටපිටාවක මෙවර තෛපොංගල් උත්සවය සමරන්නට ලැබීම සතුටට කරුණක් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා තෛපොංගල් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් එක් කරමින් කියා සිටියි.


සුහදත්වය සහ අන්‍යොන්‍ය අවබෝධය උදා කරගත හැකි වැදගත් අවස්ථාවක් – විපක්‍ෂ නායක මහින්ද රාජපක්ක්‍ෂ

ජාති ආගම් භේද පසෙක ලා තෛපොංගල් උත්සවය අපි අපේ ඥාතීන් සමග සාමයෙන් සහ ස්නේහයෙන් යුතුව සමරමු යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ තෛපොංගල් දින පණිවුඩයේ ස`දහන් වේ.


ජාතිය සමගිය නමැති ‘දිව ඔසුවෙන්’ පණ පෙවී පෙරටම යමු -විමල් වීරවංශ

හින්දු බැතිමතුන්ට තෛපොංගල් දිනයත් සමඟ උදාවන්නේ නව වසරකි. එහෙයින් ඒ නව වසර උදාවත් සමඟ සුබ කටයුතු, නව බලාපොරොත්තු සඵල කර ගැනීමට අදිටන් කර ගන්නා ලාංකීය හින්දු බැතිමතුන්ට ප්‍රථම කොටම ‘සුබ නව වසරක් වේවාෟ’ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පා.ම විමල්වීරවංශ මහතා සුභපැතුම් එක්කොට තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More