දේශීය පුවත්

රෝහල්වලට ප‍්‍රහාර එල්ල කිරීම, ළමුන් සහ කාන්තාවන් ඝාතනය කිරීම, අතුරුදන් කිරීම සහ වධහිංසා පැමිණවීම් යන චෝදනාවලට වගකිව යුතු බව දක්වමින් එක්සත් ජාතීන්ගේ විමර්ශන කණ්ඩායම මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නම් කර ඇත.

මේ බව එක්සත් ජාතීන්ගේ උපදේශකවරියක ලෙස කටයුතු කරන යස්මින් සූකා දකුණු අප‍්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිට අනාවරණය කර තිබේ.

එහෙත් ජිනීවා නුවර ආරංචි මාර්ග පැවසූවේ යස්මින් සුකා විසින් යුරෝපා රටවල දේශපාලන රැකවරණ ලබා සිටින හිටපු කොටි 44 ක් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහි සාක්‍ෂිකරුවන් ලෙස නම් කර එම සාක්ෂි එක්සත් ජාතීන්ගේ විමර්ශන කණ්ඩායමට ඉදිරිපත් කර ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ විමර්ශන කණ්ඩායම මේජර් ජෙනරාල්වරයා යුද අපරාධ පිළිබඳව නම් කිරීම නිසා ඔහුට විදේශ රටවලට යෑමට නොහැකි වන අතර එම රටවලදී අත්අඩංගුවට පත්වීමේ අවදානමක් පවතී.

එක්සත් ජාතීන්ගේ විමර්ශන කණ්ඩායම මේජර් ජෙනරාල්වරයා නම් කිරීම ගැන රජය මෙතෙක් අභියෝග කර නැත.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More