ජානිපෙ නායක විමල් වීරවංශ මහතා විසින් රචිත ‘නැත්ත වෙනුවට ඇත්ත” කෘතියට ඒරෙහිව ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා විසින් පවරා තිබූ නඩුවේ තීන්දුව මෙරට සියලු මාධ්‍ය තුළින් අසත්‍ය කරුණු ඇතුළත්ව වාර්තා කර ඇතැයි ජානිපෙ මාධ්‍ය ඒ්කකය පවසයි.
ඒම නඩු තීන්දුවට අනුව ජවිපෙ ලේකම්වරයාට රුපියල් කෝටියක (මිලියන 10ක) වන්දියක් ගෙවීමට සිදුව ඇතැයි සියලු මාධ්‍ය විසින් ප්‍රධාන ශිර්ෂ පාඨ යොදමින් වාර්තා කළ ද ඒය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව ඒම මාධ්‍ය ඒ්කකය පෙන්වා දෙයි.
නඩු තීන්දුවෙහි සදහන්ව ඇත්තේ ජවිපෙ ප්‍රධාන ලේකම්වරයාට ගෙවිය යුත්තේ ලක්ෂ 10ක (මිලියනයක) වන්දි මුදලක් ගෙවන ලෙසයි. ඒ් බව පැහැදිලිව සදහන් නඩු තීන්දුවේ පිටු අංක 45ද ජානිපෙ මාධ්‍ය ඒ්කකය විසින් සියලු මාධ්‍ය වෙත ලබාදී ඇති අතර මෙම කරුණ නිවැරදි කරන ලෙසද ඉල්ලා තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...