දේශීය පුවත්

ජාතික උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත්කරන ලද සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උරුමයක් වූ අතිපාරිශුද්ධ ථෙරවාද ත‍්‍රිපිටකය, ලෝක උරුමයක් බවට පත්කිරීමේ අරමුණින් යුතුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

වසර දහස් ගණනක් පුරා රැකගෙන ආ නිර්මල බුදුදහම ලෝකවාසී ජනතාවටත්, අනාගත පරපුරටත් නිවැරදි ලෙස ආරක්ෂා කොට පවත්වාගෙන යාමේ අරමුණින් මහා සංඝරත්නයේ උපදෙස් සහ මගපෙන්වීම මත අතිපාරිශුද්ධ ථෙරවාද ත‍්‍රිපිටකය, ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය පසුගිය 05 වන දා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඓතිහාසික මාතලේ අලූවිහාරයේ දී පැවැත්විණි.

එහිදී ථෙරවාද ත‍්‍රිපිටකය ජාතික උරුමයක් බවට ප‍්‍රකාශයට පත් කළා සේම, එය ලෝක උරුමයක් බවට පත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම ද තමා ඉදිරියේ දී සිදු කරන බවට ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය අනුව ඒ සදහා වන කැබ්නට් යෝජනාව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව එම යෝජනාවට අද (14) දින කැබිනට් අනුමැතිය හිමි වූ අතර ඉදිරියේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතය.

මේ අතර ත‍්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමට ජනාධිපතිවරයාගේ මැදිහත්වීම පිළිබදව විදෙස් රාජ්‍ය තාන්ත‍්‍රිකයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ද ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ඒ සදහා ථෙරවාද බෞද්ධාගමික රටවල තානාපති කාර්යාල 14 ක රාජ්‍ය තාන්ත‍්‍රිකයන් එක්ව සිටි අතර සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උරුමයක් වූ අතිපාරිශුද්ධ ථෙරවාද ත‍්‍රිපිටකය, ජාතික උරුමයක් බවට පත් කිරීමට ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන කටයුතු පිළිබදව එම රාජ්‍ය තාන්ත‍්‍රිකයන් සිය ප‍්‍රසාදය පළ කළහ.

එමෙන්ම මෙම කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලූ සහය ලබාදෙන බව ද ඔවුන් ප‍්‍රකාශ කළහ.

මේ අතර ලෝක උරුමයක් බවට පත්කිරීමේ යෝජනාව යුනෙස්කෝ සංවිධානයට ඉදිරිපත් කිරීමට ඉන්දියාවද ශ්‍රී ලංකාව සමග එක්ව අනුබද්ධ යෝජනාවක් ලෙස ගෙන ඒමට ඉන්දීය රජය කැමැත්ත පළ කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More