උතුරු ප්‍රදේශය තුළ දේශපාලන හේතූන් මත හා බලය පෙන්වීම සඳහා බුදුපිළිම තැන්පත් කිරීම නිසා ඇතිවන සමාජීය හා සංස්කෘතික ගැටලු පිළිබඳව තමන් මහානායක හිමිවරුන් සමග සාකච්ඡා කොට තීරණයකට පැමිණෙන බව උතුරු පළාතේ නව ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් පවසයි.
නව ආණ්ඩුකාරවරයා යාපනයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ආණ්ඩුකාරවරයාගෙන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කොට තිබේ.
උතුරේ බෞද්ධ ජනතාව නොමැති ස්ථානවල බුදු පිළිම තන්පත් කිරීමෙන් හා විහාරස්ථාන ඉදි කිරීමෙන් බුදු දහමට විශාල නිගරුවක් සිදුවන බවද ආණ්ඩුකාරවරයා මෙහිදී පවසා ඇත.
තමන් බුදු දහමට ඉතාම ගරු කරන හා ඒ දහම පිළිබඳව විශාල පැහැදීමකින් සිටින පුද්ගලයෙකු නිසා මේ උදාවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් වහාම මහානායක හිමිවරු සමග සාකච්ඡා කොට ස්ථිර තීරණයකට එළඹෙන බවද සඳහන් කර ඇත.
උතුරේ ආරක්ෂක අංශ විසින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් මත එම කඳවුරුවල බුදු පිළිම තැන්පත් කිරීමේ කිසිම වරදක් නොමැති බව සඳහන් කරන ආණ්ඩුකාරවරයා කියා සිටින්නේ ඔවුන් කඳවුරු අතහැර එම ඉඩම අයිතිකරුවන්ට බාර දෙන විට ඒ බුදු පිළිම ඉවත් කර නොගැනීම විශාල ප්‍රශ්නයක් වන බවය.
දෙමළ වැසියෙකුගේ ඉඩමක බුදු පිලිමයක් තිබීම ගැන ඔවුන් කිසි විටකත් සතුටට පත් නොවන බවත් මේ පිළිමය නිසා ඔවුන් ඊට බිය වී විශාල මානසික වදයකින් යුතුව එම ඉඩමේ ජීවත් වන බවද ආණ්ඩුකාරවරයා මෙහිදී පවසා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...