ව්‍යාපාරික පුවත්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික, විද්‍යාත්මක, තාක්ෂණික හා සංස්කෘතික සහයෝගීතාව ඉහළ නැංවීම තුළින් ඉන්දියා – ශ්‍රී ලංකා සම්බන්ධතා වර්ධනය කිරීම සහ දෙරටෙහි ජනතාව අතර පුළුල් අවබෝධයක් ඇති කිරීම සඳහා 1998 වර්ෂයේදී අවබෝධතා ගිවිසුමක් මගින් ඉන්දියා – ශ්‍රී ලංකා පදනම පිහිටවනු ලැබීය.

අධ්‍යාපනික, කලා හා සංස්කෘතික, පුරාවිද්‍යාත්මක අධ්‍යයනය, කෘෂි පර්යේෂණ, විද්‍යා හා තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, සෞඛ්‍ය, සංවර්ධන අධ්‍යයනය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අධ්‍යනය යන ක්ෂේත්‍රයන්හි ව්‍යාපෘති යෝජනා සඳහා ඉන්දියා – ශ්‍රී ලංකා පදනම විසින් ආරාධනා කරනු ලැබේ.

ඒ අනුව, ඉහත සඳහන් ක්ෂේත්‍ර යටතේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන පිළිගත් අධ්‍යාපන ආයතනවල පර්යේෂණ ව්‍යාපෘති සහ වෙනත් අධ්‍යාපනික ක්‍රියාකාරකම්වලට අදාළ ව්‍යාපෘති සඳහා යෝජනා භාරදිය හැකිය. ශිෂ්‍ය ශිෂ්‍යාවන්, විද්වතුන්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, කලාකරුවන්, වෘත්තීයවේදින් හා රංගනශිල්පීන්ගේ සංචාර හා හුවමාරුවලට අදාළ ව්‍යාපෘතිද ඉදිරිපත් කළ හැකිය. එමෙන්ම සම්මන්ත්‍රණ/වැඩමුළු, කලා ප්‍රදර්ශන, සිනමා උත්සව, සංස්කෘතික වැඩසටහන්, පුහුණු වැඩමුළු ආදියට සහභාගිවීම්, ඉන්දියා ශ්‍රී ලංකා සබඳතා පිළිබඳ පර්යේෂණ සහ ඉන්දියානු භාෂාවන්ගෙන් රචිත සාහිත්‍ය ශ්‍රී ලංකාවේ භාෂාවන්ට පරිවර්තනය කිරීම සහ ප්‍රකාශයට පත්කිරීම්වලට අදාළ ව්‍යාපෘතිද ඉදිරිපත් කළ හැකිය.

තනි පුද්ගලයන්ට, ආයතන සහ කණ්ඩායම්වලට ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කළ හැකි අතර, ඒවා මීළඟ ඉන්දියා – ශ්‍රී ලංකා පදනමේ අධ්‍යක්ෂ මණ්ඩල සැසි වාරයේදී සලකා බලනු ලැබේ. මෙයට අදාළ අයදුම්පත් www.hcicolombo.gov.in ඩවුන්ලෝඩ් හැකි අතර, නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත් ව්‍යාපෘති යෝජනාව සමඟ ඉන්දියා – ශ්‍රී ලංකා පදනම, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය භාරේ, 36-38, ගාලු පාර, කොළඹ යන ලිපිනයට 2019 පෙබරවාරි 10 වැනිදාට පෙර ලැබෙන පරිදි එවිය යුතු බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More