තරුණ තරුණියෝ ලක්ෂ දාහතරක් ඉදිරි මැතිවරණයකදී සිය කුලුඳුල් ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් ලබා සිටිති. මෙම තරුණ ඡන්ද ඉදිරි ජනාධිපතිවරණයකදී හා මහ මැතිවරණයකදී ඉතා තීරණාත්මක බලපෑමක් කරනු ඇතැයි සංඛ්‍යා ලේඛන උපුටා දක්වන දේශපාලන විචාරකයෝ විශ්වාසය පළ කරති.
ජනාධිපතිවරණ හා මහ මැතිවරණ පවත්වන අතර කාල සීමා තුළ අලුත් ඡන්ද එකතුවීම සාමාන්‍යයක් වුවද මෙවර අලුත් ඡන්ද ලක්ෂ 14ක් පමණ අලුතින් එකතු වී ඇත.
නවීන තාක්ෂණික මාධ්‍ය මෙවලම්, සමාජ ජාල වෙබ් අඩවි ආදිය සමඟ ගනුදෙනු කරන මෙම තරුණ පිරිස මැතිවරණවලදී ගන්නා තීරණ කෙලෙස හැසිරේද යන්න පිළිබඳ සිතාගත නොහැකි බවද ඔවුහු කියා සිටිති.
එනිසා පෙර කවර කලකටත් වඩා මෙම තරුණ ඡන්ද ලක්ෂ දාහතරෙහි හැසිරීමද මෙවර විශේෂ පෙරළියක් කිරීමට හේතුවිය හැකි බවද ඔවුහු කියා සිටිති.
මව්බිම
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...