තමා අද(14) දිනයේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කර තිබේ.
ප්‍රභු ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සිදු කළ හෙළිදරව්වකට අනුව සිදුකෙරෙන පරීක්ෂණයකට අදාළව පොලිස්පතිවරයාට අද දිනයේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබුණි.
අද දිනයේ උදෑසන 9.30ට එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින ලෙස පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.
ඒ අනුව අද දිනයේ නියමිත වේලාවට රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බව පොලිස්පතිවරයා පවසා තිබේ.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින ලෙස දැනුම් දීමක් සිදු කර ඇත්තේ ප්‍රථම වතාවට බව සඳහන්ය.
ප්‍රභු ඝාතන සැලැස්ම පිළිබඳව සිදු වු දුරකථන සංවාද සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණ වලට අදාළව පොලිස්පතිවරයාගේ කටහඩ ඇත්දැයි සොයා බැලීම මෙහි මුලික අරමුණ වන බව වාර්තා වෙයි.
ඒ අනුව අද දිනයේ පොලිස්පතිවරයාගේ කටහඩ සාම්පල ලබා ගැනීමට කටයුතු කරන බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආරියනන්ද වැලිඅංග මහතා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...