එජාප පසු පෙළින් නැවත රනිල්ට එරෙහිව දැඩි විරෝධයක් නැගී එන්නේ මෙවරත් අගමැතිකම ලබා ගැනීමේදී පක්ෂයේ සාමාජිකයන්ට ලබා දුන් පොරොන්දු කඩ කිරීම හේතුවෙනි. සාගල, මලික්, තිලක් මාරපන යන සහචරයන් නැවත තම උකුලේ තබා නැළවීමට එරෙහිව ඔවුහු වෙනම කණ්ඩායමක් නිර්මාණය කරගෙන සිටිති.
ඔවුන් පසුගියදා කොළඹ හෝටලයකදී රැස්වූ අතර එහිදී රනිල්ගේ සමීපතමයන් රැකියා ලබා දී ඇති ආකාරය සාකච්ඡා කෙරිණි. අකිල විරාජ් රැකියා හයදහස් හත්සියයක් ලබා දී ඇති අතර ඉන් පසුපෙළට ලබා දී ඇත්තේ තුන්සීයක් පමණක් බවත් රාජිත දී ඇති රැකියා තුන්සියයෙන් පසුපෙළට දී ඇත්තේ 24ක් බවත් මීට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවත් මෙහිදී සාකච්ඡා වී ඇත.
මේ අතර එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ආසන සංවිධායකවරුන් රනිල්ට එරෙහිව සංගමයක් පිහිටුවීමට යන බව වාර්තා වේ. සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජීප් රථ සහ ඒ සඳහා ඉන්ධන ලබා දී ඇති නමුත් ආසනවල වැඩ කිරීමට මේ සංවිධායකවරුන්ට කිසිදු සහයෝගයක් නොදැක්වීම මීට හේතුව බව පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...