වත්තල හේකිත්ත ප‍්‍රදේශයේදී වෑන් රථයක යමින් සිටි පිරිසක් පසුපස ඊයේ (13 දා) සවස පන්නාගෙන ආ සන්නද්ධ පාතාල කණ්ඩායමක් ටී 56 ගිනි අවි යොදාගෙන එහි සිටි තරුණයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කර මුළු ප‍්‍රදේශයම භීතියට පත්කර පලාගොස් ඇත.
මෙහිදී ඝාතනට ලක්ව ඇත්තේ කොටහේන ජම්පටාවීදිය සිය පාතාල රාජධානිය ලෙස පවත්වාගෙන ගිය ‘කුඩු සෙල්ලි’ නමැති කාන්තාවගේ ලේලියගේ සොහොයුරා සහ ඔහුගේ මිතුරකු බව පොලිසිය පවසයි.
මෙම ප‍්‍රහාරය එල්ලවන අවස්ථාවේ කුඩු සෙල්ලිගේ ලේලිය සහ ඇගේ කුඩා දරු දෙදෙනාද වෑන් රථයේ සිට ඇති අතර ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව නැත.
මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ කොටහේන ජින්තුපිටිය පදිංචි 31 හැවිරිදි ස්ටීවන් වාගේන්ද්‍රන් චාල්ස් නමැත්තා සහ ඔහුගේ සමීප මිතුරෙකු වන ‘මදී’ යන අය බව පොලිසිය පවසයි.
කොටහේන ජම්පටාවීදිය ප‍්‍රදේශය සිය පාතාල රාජධානිය ලෙස පවත්වාගෙන ගිය ‘කුඩු සෙල්ලි’ මීට වසර කිහිපයකට උඩදී මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් හේතුවෙන් වෙඩිතබා ඝාතනය කර තිබේ. ඇය ඝාතනය කරනු ලැබුයේ රීගන් හෙවත් බුම්මා නමැති පාතාල නායකයා ඇතුළු කල්ලිය විසිනි. සෙල්ලිගේ දරුවන් තම මව ඝාතනය කළ පාතාල කල්ලිය සමග ගැටුම් ඇති කරගත් අතර වසර 05 ක් වැනි කාලසීමාවකදී එම දෙපාර්ශ්වයේම පුද්ගලයන් 20 දෙනකු පමණ ඝාතනයට ලක්වී ඇත.
වත්තල හේකිත්තේදී ඊයේ සවස එල්ල කළ ප‍්‍රහාරය රීගන් නොහොත් ‘බුම්මා’ මෙහෙයවන පාතාල කල්ලිය විසින් සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක පහල කරයි. කුඩු සෙල්ලිගේ දරුවන් දෙදෙනා මේ වන විට බන්ධනාගාරගත කර සිටින අතර ඊයේ මෙම ප‍්‍රහාරය එල්ලවන අවස්ථාවේ වෑන් රථයේ සිට ඇත්තේ ඉන් එක් දරුවකුගේ බිරිඳ සහ කුඩා දරු දෙදෙනා බව පොලිසිය පවසයි.
සෙල්ලිගේ ලේලිය ඇතුළු පිරිස කොටහේන කොච්චිකඬේ දේවස්ථානය වෙත පැමිණ ඇත්තේ ඊයේ පෙරවරුවේදීය. ආගමික වතාවත් ඉටුකිරීමෙන් පසුව මෙම පිරිස හුණුපිටිය බණ්ඩාරනායක මාවතේ පිහිටි සිය නිවස බලා යමින් සිටියදී මෙම ප‍්‍රහාරය එල්ල වී ඇත. සෙල්ලිගේ ලේලිය ඇතුළු පිරිස ගමන් ගත් මෝටර් රථය පසුපස තවත් එම වර්ගයේම මෝටර් රථයකින් පන්නාගෙන ආ පාතාල කල්ලිය වත්තල හේකිත්ත අයියප්පන් කෝවිල ඉදිරිපිටදී මග හරස් කර තිබේ. පසුව වෑන් රථයෙන් බැසගත් පාතාල සාමාජිකයන් දෙදෙනකු ටී 56 ගිනි අවි දෙකකින් පිට පිට ප‍්‍රහාර එල්ල කර වෑන් රථයේ ඉදිරිපස සිටි තරුණයන් දෙදෙනා ඝාතනය කර පලාගොස් තිබේ.
මෙම ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේ එම ප‍්‍රදේශයේ දෙනෝදාහක් දෙනා බලා සිටි අතර ඔවුහු භීතියට පත්වූහ.
ප‍්‍රහාරය එල්ල වූ ස්ථානයේ සවිකර තිබූ සීසීටීවී කැමරා කිහිපයක් ඔස්සේ අපරාධකරුවන් හඳුනා ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් 03 ක් විමර්ශන ආරම්භ කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...