දේශීය පුවත්

2019 වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් නව ජනාධිපතිවරයෙකු බිහි කිරීමට තමා සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක‍ෂ මහතා පවසයි.

කඩා වැටුනු රට ගොඩනැගීමට තරුණ ජවය හා සහභාගීත්වය තමන් අපේක‍ෂා කරන බවත් ඒ මහතා පැවසීය.

බැසිල් රාජපක‍ෂ මහතා මේ අදහස් පළ කලේ අද(13) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහර ආසනයේ තරුණ බලමණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙය හුදු ප්‍රකාශයක් පමණක් නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා වසරක් ගතවන විට වසර 72ක් පැරණි එජාපයටත් වසර 67ක් පැරණි ශ්‍රිලනිපයටත් වසර 53 කට වඩා පැරණි ජනතා විමුක්ති පෙරමුනටත් සමහර දිස්ත්‍රීක්ක වලින් එක් කොට්ඨාසයක් හෝ දිනාගත නොහැකි තත්ත්වයට පත්කිරීමට තම පක‍ෂයට හැකිවූ බවත් මෙහිදී පෙන්වා දුන් ජාතික සංවිධායක වරයා ඉදිරි ඕනෑම මැතිවරණයකදී දිස්ත්‍රීක් 19 ක් තම පක‍ෂය ජය ගන්නා බවද අවධාරණය කළේය.

එමෙන්ම පසුගිය දින 51 ආණ්ඩුව ලබාගැනීමට හෝ පවත්වාගෙන යාමට කිසිදු සැලසුමක් තමන්ට නොතිබුණු බව මෙහිදී පිළීගත් බැසිල් රාජපක‍ෂ මහතා දැන් තම පක‍ෂයට සටන ඇත්තේ රනිල් ,සජිත් හෝ නවීන් සමඟ නොව ජාත්‍යන්තර කුමන්ත්‍රණ කරුවන් සමඟ පමණක් බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම අවස්තාවට ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ සභාපති දිලුම් අමුණුගම,පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න රණවීර , ඉන්දික අනුරුද්ධ, ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් සභාපති සහන් ප්‍රදීප් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More