පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශට කොළඹ වාණිජ මහාධිකරණය ඉකුත් දා ලබා දුන් තින්දුවට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක් ගොනු කරන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.
විමල් වීරවංශ මන්තී‍්‍රවරයාට මෙහිදී නියෝග කෙරුණේ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාට රුපියල් මිලියන 10ක වන්දියක් ගෙවන ලෙසටය.
ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වීමෙන් පසු විමල් වීරවංශ මන්තී‍්‍රවරයා රචනා කළ ‘‘නැත්ත වෙනුවට ඇත්ත’’ නමැති කෘතිය බුද්ධිමය දේපළ පනත උල්ලංඝණය කරමින් රචනා කර ඇති බවට නියෝග කරමින් කොළඹ වාණිජ මහාධිකරණය මෙම නියෝගය නිකුත් කළා.
මේ පිළිබඳ ලංකා ලීඩ් නිව්ස් කළ විමසීමකදී අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසුවේ මෙම කෘතියේ ඇතුළත් කරුණු ජනතා විමුක්ති පෙරමුණ පිළිගෙන ඇති බව මෙම නඩු තීන්දුවෙන් පෙනී යන බවයි.
එහිදී ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ “මේ නඩු තීන්දුවෙන් ඔප්පු වෙලා තියෙනවා.. මෙම කෘතියේ ඇතුළත් වෙලා තියෙන ලේඛන සත්‍ය ලේඛන බවට ජවිපෙ පිළිඅරගෙන තියෙනවා. ඒ අනුව මෙම සංවාදය සත්‍ය වශයෙන්ම ජවිපෙ ඇතුලේ සිදුවුණ සංවාදයක්. ඒ නිසා ඒක සමාජයට හෙළිදරව් වීම වැලැක්වීමට තමයි මේ නඩු ගොනු කරලා..පොත තාවකාලිකව තහනම් කරලා මේ දේවල් කළේ.” යනුවෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...