නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය නොවන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පුජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී හිමි පැවසීය.
උන්වහන්සේ බැහැදැකීමට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා වෙත අදහස් දක්වමින් අස්ගිරි අනුනාහිමියන් ප්‍රකාශ කළේ පළාත් සභා හෝ මහමැතිවරණයකට යොමුවීම වඩාත් සුදුසු බවයි.
“අපි අස්ගිරි පාර්ශවය හැටියට මුල ඉදලම කීවේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනවශ්‍යයි. මහා සංඝරත්නය අදහස මොකක්ද ? කාගේ උවමනාවට ද මේවා ගේන්නේ කියන එක හරිම ගැටළුකාරී දේවල්. පාර්ලිමේන්තුවේ පොදු අදහසක් ගන්නත් බැහැ. ව්‍යවස්ථාවක් කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැහැ. පළාත් සභා විසුරුවලා විසුරුවලා දානවා මිසක් මැතිවරණයකට යන්නේ නැහැ. පොදු මහජනතාවට තීන්දුවක් ගන්න ඡන්දයකට යන්න ඕන කියන අදහස තියෙනවා. අඩු තරමේ මහජන මතයේ කිසියම් කිසියම් ආකාරයකට හරි පේන්ට පළාත් සභා මැතිවරණවත් තියන්ට ඕනේ. අනික් අතින් දේශපාලන වශයෙන් ලොකුම අවුල්. මෙහෙම මේ රටේ අනාගතය පිළිබදව අවිනිශ්චිතයි. මහජන මතයක් සදහා වූ ප්‍රවේශයක් කරලා. ඒ මාර්ගයෙන් කිසියම් හෝ වෙනසක් සිද්ධ කරනවා මිසක් දැනට තියෙන තත්ත්වය ඉතාම ගැටළු සහගතයි.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...