දේශීය පුවත්

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතෙන් යෝජනා කර ඇති පළාත් බද පොලිසිය නිසා රහස් පොලිසිය ත‍්‍රස්ත මර්දන ඒකකය මත්ද්‍රව්‍ය කාර්යාංශය බරපතළ අර්බුදයකට මුහුණපාන බව ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග පැවසීය.

යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව හෙවත් ශී‍්‍ර ලංකා පොලිසිය කැබලි 9 කට කැඩෙනු ඇත. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අනුකමිටු නිර්දේශ යටතේ ශී‍්‍ර ලංකා පොලිසිය මුලින්ම ජාතික පොලිසිය සහ ශී‍්‍ර ලංකා පළාත්බද පොලිසිය ලෙස වෙන්වේ.

එසේම පළාත් නවය සඳහා පොලිස් කොමසාරිස්වරුන් 9 ක් ද පත් කෙරෙනු ඇත. එය පොලිස්පතිවරු 9 කට සමානය. මේ හැර පළාත් නවයට පොලිස් මූලස්ථාන 9 ක් ද ස්ථාපිත වේ.

මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අනු කමිටු නිර්දේශ අනුව ඒ ඒ පළාත්වල කටයුතු ඉටුකිරීම පළාත් පොලිසියට පැවරෙනු ඇත.

මෙයට අමතරව පළාත් පොලිසිවලට කාර්යාංශ පිහිටුවීමේදී ප‍්‍රධාන අමාත්‍යවරුන්ගෙන් අදහස් විමසීමක් ද සිදුවේ.

මෙම නිර්දේශ යටතේ පළාත් නවයේම පළාත් පොලිස් කොමිෂන් සභා නවයක් පිහිටුවීමට සිදුවේ.

මේ කොමිෂන්වලට සභාපති ඇතුළු සාමාජිකයන් දෙදෙනකු නම් කරන්නේ ද මහ ඇමැති සහ විපක්‍ෂ නායකවරයායි.

මෙම නිර්දේශ අතර බරපතළ නිර්දේශය වන්නේ උතුරු පළාත් සභාවට ද්‍රවිඩ ජාතිකයන් විශාල පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීමේ හැකියාවයි.

මෙම අනු කමිටු නිර්දේශ යටතේ පොලිසිය කැබලි නවයකට කැඞීමත් පොලිස්පතිවරු 9 ක් පත්කිරීමත් ගැන හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් විරෝධය පා ඇත.

මෙම නිර්දේශ යටතේ උතුරේ ත‍්‍රස්තවාදී කි‍්‍රයා මර්දනය කිරීම ශී‍්‍ර ලංකා පොලිසියට නොහැකි වන අතර එම කටයුතු පළාත් පොලිසියට පැවරේ.
– Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More