පුරවැසි කොලම

පසුගියදා පැවති කිතු අබිමන් සාහිත්‍ය සම්මාන උළෙලේදී 2008-2018 දස වසර තුළ අපේ රටේ පළවූ හොඳම කතෝලික පොත් 15 අතරින් ප‍්‍රශස්ත කිතුනු ගවේෂණාත්මක කෘතියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ ප‍්‍රවීණ ලේඛක සිරිල් එෙ`ඞ්රමුල්ල මහතා ලියූ පාප් ධුරයේ උපත ශ‍්‍රී ලංකාව සහ පළමුවැනි ප‍්‍රැන්සිස් පාප් තුමා නමැති කෘතියයි. කිතු දහම හරිහැටි හඳුනාගන්නට මහෝපකාරී වන කෘති රැුසක් සහ කිතුනු විචාර ග‍්‍රන්ථ පොත් පෙළක් රචනා කරමින් කිතු දහම අපේ රටේ ජනතාවට සමීප කිරීමට පුරෝගාමී මෙහෙවරක නියැලෙන ප‍්‍රවීණ ලේඛක සිරිල් එෙ`ඞ්රමුල්ල මහතා සමග අප කළ සාකච්ඡුාවකි මේ.

ඔබේ මේ කෘතියට පාදක වෙන්නෙ පාප් ධුරයේ උපත සහ පළමුවන ප‍්‍රැන්සිස් පාප්තුමාගේ ලංකා ගමන. මෙහි තිබෙන විශේෂත්වය කුමක්ද?

අපේ රටට පැමිණි දෙවැනි පාප්තුමා වන්නේ පළමුවැනි ප‍්‍රැන්සිස් පාප්තුමායි. එතුමා ලෝකයේ දෙවැනි ජේසු නිකායික පාප්තුමායි. ජේසු නිකාය ලෝකයේ මුල් තැන දී තිබෙන්නේ අධ්‍යාපනයටයි. ලංකාවෙත් යාපනයේ සහ ගාල්ලේ ජේසු නිකායික පාසල් පටන් ගත්තේත් අපේ රටේ ජේසු නිකායික පූජකවරු. ලෝකය පුරාම මේ පූජකවරු සංඛ්‍යාව අතින් කුඩා පිරිසක් වුවත් ඔවුන් ලෝකයේ දුප්පත්කමට, ලෙඩරෝගවලට, නූගත්කමට, දරිද්‍රතාවට එරෙහිව විශාල අරගලයක් සිදුකරනවා. එම ජේසු නිකායික පියවරුන් අතරින් පත්වූ පළමුවැනි පාප්තුමා තමයි ප‍්‍රැන්සිස් පාප්තුමා.

1963 වසරේදී පත්වූ 23 වැනි ජුවාම් පාවුළු පාප්වහන්සේගෙන් පසු ලෝකයේ වැඩිම අවධානයට ලක්වූ පාප්තුමා පළමුවන ප‍්‍රැන්සිස් පාප්තුමායි. උන්වහන්සේ එලෙස අවධානයට ලක්වූයේ ඇයි?

යුරෝපයේ ක‍්‍රිස්තියානිය බිඳවැටීම ගැන එතුමා විශේෂ අවධානයක් යොමුකළා. අද යුරෝපයේ පල්ලි හිස්. පූජාවලට වැඩිපුරම එන්නෙ මහළු අය. යුරෝපයේ තරුණ පරපුර ක‍්‍රිස්තියානිය හැරගිහින්. මත්ද්‍රව්‍යවලට බහුලව යොමු වී අමුතු විමුක්තියක් සෙවූ මේ තරුණයන්ගෙන් වැඩිදෙනෙක් ශ‍්‍රී ලංකාවෙන් යුරෝපයට වැඩි භික්ෂූන් වහන්සේ නිසා භාවනාවට යොමු වී සිටිනවා. මේ තරුණ පරපුර මුදාගත හැක්කේ ඔවුන් ආගමට නැඹුරු කිරීමෙන් බව ප‍්‍රැන්සිස් පාප්තුමාගේ අදහසයි. එතුමා පසුගිය 2018 වර්ෂය තරුණ වර්ෂය ලෙස නම්කර තිබුණා. ප‍්‍රැන්සිස් පාප්තුමා එම ධුරය ලබන විට බුවනෝස්අයිරිස් නුවර අගරදගුරු. බුවනොස්අයිරිස් ලෝකයේ භයානකම මත්ද්‍රව්‍ය බහුලව ව්‍යාප්තව තිබෙන රටක්. එසේම ලෝකයේ දිළිඳුම ජනයා සිටින රටක්. ඇමරිකාවේ ධනවතුන් සුළු පිරිසක් විසින් අද මුළු ලෝකයම පාලනය කරන බව ප‍්‍රැන්සිස් පාප්තුමාගේ මතයයි. දරිද්‍රතාවයෙන් පෙළෙන සෑම රටක් පිළිබඳවම එතුමාගේ විශේෂ අවධානය යොමුවුණා. පාප්ධුරය ලද විගස එතුමා ශ‍්‍රී ලංකාවට පැමිණීමට ගත් තීරණයත් ශ‍්‍රීලංකාවට ඉතාමත් වැදගත් එකක්. ඒවනවිට අපේ රටේ දැන් මේ තිබෙන දේශපාලන අර්බුදයේ ආරම්භක අවදිය. උන්වහන්සේගේ ශ‍්‍රීලංකා සංචාරය සඳහා වර්තමාන කාදිනල් මැල්කම් රංජිත් පියතුමා විශාල කාර්යභාරයක් ඉටු කළා.

අපේ රටේ කිතුනුවන් බටහිර චින්තනය දැඩිව වැළඳගෙන ඇති බවට ඇතමුන් නගන චෝදනාවක්. අපේ දේශයට ආගන්තුක නොවන කිතු සසුනක් ඇතිකරගත යුතු බවට ඔබ මේ කෘතියෙන් යෝජනා කරනවා. ඔබේ මේ යෝජනාව කුමක්ද?

කිතු සසුන ලෝකයේ බිහිවුණේ ආසියාවෙන් වුවත් අපේ දේශයට කිතු සසුන ආවෙ යුරෝපයෙන්. පලස්තීනයේ ගලීලයේ බිහිවුණු කිතු දහම යුරෝපයට යද්දි ධනවාදී කිතුදහමක් බවට පත්වුණා. ලස්සනට ඇඳුම් අඳින, විශාල පල්ලි ගොඩනගන එම කිතුදහම තුළ ‘ආසියානු ගතිය’ නැතිවෙලා ගියා. අපට ආවෙ ඒ ආසියානු ගතිය නැතිවූ කිතුදහමයි. අපේ රටට ආවෙ බටහිර සංස්කෘතියෙන් මෝදු වූ කිතුදහමයි. එහි රදගුරුවරුන්ගෙ ඇඳුම්, මකුට, තොප්පි, කතාව, ගමනබිමන, කෑමබීම පවා බටහිර රටාවක් ගෙන තිබුණා. ඒ දහම අපේරටට ගෙනාවෙත් පෘතුගීසි, ලන්දේසි සහ බි‍්‍රතාන්‍ය පූජකවරු. ඒ විදිහට අපේ රටට ආව කිතු දහමේ – විශේෂයෙන්ම නාගරික කිතු දහමේ තවමත් තිබෙන්නෙ බටහිර විලාසිතා.

ප‍්‍රධාන නගරයක වාර්ෂික මංගල්‍ය බොහෝවිට තවමත් මුළුමනින්ම පාහේ බටහිරයි. එහෙත් බොහෝ ග‍්‍රාමීය කිතු මංගල්‍යවලට භික්ෂූන් වහන්සේලා පවා සහභාගි වෙනවා. ඒවායේ ජාතික කොඩිය ගෙනියනවා. එමනිසා අපේ කිතුදහම තුළ එම පරිවර්තනය සිදුනොවුණොත් කිතුදහම බටහිර මූදුකරයට පමණක් සීමාවේවි. ඇයි කිතුදහම අනුරාධපුරයට නොගියේ? ඇයි පොළොන්නරුවට ගියේ? මම හිතන්නෙ මිනිසුන් කිතුදහම සොයාගෙන යන තැනට අපේ රටේ කිතුදහම පරිවර්තනය වෙන්න ඕන. කිතුදහම බලෙන් මිනිසුන්වෙත පටවන්නට ගියොත් එය පවතින්නේ නෑ. එමනිසා අපේ රටේ කිතුදහම පවතින්නට නම් එය ශ‍්‍රී ලාංකික වියයුතුමයි. කිතුදහම දේශීය වියයුතුයි. මෙය අද යම් ප‍්‍රමාණයකට යාපනයේ සිදුවෙමින් තිබෙනවා.

අපේ රටේ ජනගහනයෙන් සියයට 7 ක් පමණ වන කිතුනුවන්ට සියයට 70 ක් පමණ වන බෞද්ධයන්ට මෙන් ආණ්ඩු පිහිටුවීමේ බලයක් ගොඩනගාගත නොහැකි වුවත් කිතුනුවන් සිය පැවැත්මෙන් ගොඩනගාගෙන ඇති බලය තුළින් ඔවුන්ට අපේ රටේ සාමය හා සංහිඳියාව පවත්වාගෙන යෑම සඳහා විශාල කාර්යභාරයක් කළ හැකි බව ඔබ මේ කෘතියෙන් පැහැදිලි කර තිබෙනවා. කිතුනුවන් සිය පැවැත්මෙන් අපේ රට තුළ ගොඩනගාගෙන ඇති බලය අපේ රටේ සාමය හා සමගිය වෙනුවෙන් භාවිත කළ යුත්තේ කොහොමද?

මා සිතන්නේ කිසිම රටක කිතුනු බලයක් ගොඩනගාගත යුතු නෑ. ගොඩනගාගත යුත්තේ යහපත් පැවැත්මක්. අපේ රටේ කිතුනුවන්ට ජනගහනයෙන් සියයට 70 ක් වන බෞද්ධයන්ගේ ගෞරවය ලබාගත හැක්කේ එලෙසයි. රටක ජීවත්වන සුළු කිතුනු පිරිස ඒ රටේ මහ පිරිසට ආලෝකයක් විය යුතුයි. මහ ජනගහනයේ දුප්පත්කම නිවන, නූගත්කම දුරලන පිරිස බවට පත්වෙන්න ඕන. කිතුහිමි ජුදාගමිකයන් මැද තම වෑයම පටන් ගත්තේ තනිවමයි. උන්වහන්සේ තම වෑයමෙන්, පැවැත්මෙන් හා ක‍්‍රියාවලියෙන් ජුදාගමේ සිටි දතට දත ඉල්ලූ මිනිසුන් වම්කම්මුල ඉල්ලූවිට දකුණු කම්මුලත් පාන තරමට නිහතමානී කරගත්තා. දතට දත වැරදියි බව ඔවුන් අවබෝධකරගත්තා. අසල්වැසියා සමග පේ‍්‍රමයෙන් සිටිය යුතු බව අවබෝධකරගත්තා. එමනිසා අපේ රටේ සුළු කිතුනු පිරිසේ වගකීම ආණ්ඩු පිහිටුවීම නොවෙයි. අපේ රටේ ආණ්ඩු පිහිටුවීමේ වගකීම තිබෙන්නෙ බොදුනුවන් අතේ. පක්ෂ දෙකකට බෙදිල කුලල් කාගනිමින් හරි ඔවුන් ආණ්ඩු පිහිටුවද්දී අපේ රටේ ජනගහනයෙන් සියයට 7 ක් වන කිතුනු පිරිස මේ රටේ දේශපාලන, ආර්ථික, අධ්‍යාපන විස නසන එමෙන්ම මහජනතාවට අවශ්‍ය එකමුතුකම නමැති රසය ගොඩනගන ලූණුටික වෙන්නට ඕන. කිතුනුවන් ඔවුන් සතු අධ්‍යාත්මික බලය භාවිත කළ යුත්තේ එහෙමයි.

ඔබගේ මේ පොත පසුගිය දසවසර තුළ අපේ රටේ ප‍්‍රකාශයට පත්වූ ප‍්‍රශස්ත කිතුනු ගවේෂණාත්මක කෘතියයි. කොහොමද මේ කෘතිය නිර්මාණය වුණේ?

මේ පොත ගොඩනැගුණේ ගොඩගේ කිතුනු අධ්‍යාපනික ව්‍යාපෘතිය නිසයි. ඒ සඳහා මුල් වුණේ මේදිනවල ඉතාමත් වියපත්ව ලූනාවේ පේදුරුපාවුළු දේවස්ථානයේ නේවාසිකව පසුවන අර්නස්ට් පෝරුතොට පියතුමයි. මෙම කෘතියට අපේ රටේ පසුගිය දස වසර තුළ නිර්මාණය වුණු ප‍්‍රශස්ත කිතුනු ගවේෂණාත්මක කෘතියට හිමි සම්මානය හිමිවුණා. නුඹලා නායකයන් නොව සේවකයන් වියයුතු යැයි පාප්තුමා ගේ පණිවුඩය මම මේ කෘතියෙන් ඉතාම පැහැදිලිව කියනවා. මේක හොඳ සිංහලෙන් කියනවට අධිපතිවාදී පූජකත්වයක් දරන අපේ රටේ පූජකවරු කැමති නෑ. කිතු හිමියෝ පූජකවරු ගොඩනැගුවේ නෑ. එතුමා හැමවිටම තෝරාගත්තේ එතුමාට වඩා වැඩිමහල් පේදුරුලා, පාවුළුලා සහ ජුවාම්ලා. මම මගේ කෘති තුළින් මේවා ඉස්මතුකරන විට අපේ රටේ සමහර පූජකවරු කැමති නෑ.

මේනිසාම කිතුදහම ජනගත කිරීමට මම දරන උත්සාහයට මට අතදෙන්න කිතුනු පොත් ප‍්‍රකාශකයෙක් සොයාගන්න මට බැරිවුණා. සැබෑ කිතු දහම ජනගත කරන්නට මට අතදෙන්නෙ බෞද්ධ පොත් ප‍්‍රකාශකයෙක්. ඔහු ගොඩගේ පොත් මැඳුර අධිපති දේශබන්ධු සිරිසුමන ගොඩගේ මහත්මා. එතුමා වෙත මා කැඳවාගෙන ගියෙත් අර්නස්ට් පෝරුතොට පියතුමායි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More