මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නේ වත්මන් ජනාධිපතිවරයාම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් ප්‍රකාශ කළත් එය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තීරණය නොවන බව එහි තරුණ පෙරමුණ පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ විවිධ පාර්ශ්ව ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව මත පළකරමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගැටුම් ඇති කිරීමට උත්සහ දරමින් සිටින බවයි.
ඊයේ(11) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
ජනාධිපති අපේක්ෂකයා තේරීමේදී පොදුජන පෙරමුණ තීරණාත්මක බලවේගය වියයුතු බව කංචන විජේසේකර මන්ත්‍රීවරයා පවසයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
“මීළග ජනාධිපති අපේක්ෂකයා පිලිබද නිරන්තරයෙන් ප‍්‍රශ්න නැගෙනවා. පළාත් පාලන මැතිවරණයේදි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සියයට 14 ජනවරමක් ලැබිලා තියෙනවා. ඒ සියයට 14 ජනවරම නියෝජනය කරමින් මීළඟ ජනාධිපතිවරයා ලෙස මෛතී‍්‍රපාල සිරිසේන මහතා පොදුජන පෙරමුනේ සහායෙන් පත්විය යුතු බව මහින්ද සමරසිංහ ප‍්‍රකාශයක් කළා.
කල්පනා කරලා බැලූවම විවිධ අදහස් තියෙන්න පුලූවන්. ශී‍්‍රලනීපයට වගේම පොදුජන පෙරමුණටත් ඒ වගේ යෝජනා තියෙන්න පුලූවන්. සන්ධානයක් නිර්මාණය වෙනවා නම් ඒ සන්ධානයේ පක්ෂවලට යෝජනා තියෙන්න පුලූවන්.‘‘
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...