ව්‍යාපාරික පුවත්

ඇමරිකානු ඩොලර් මිලියන 45.27 ක වියදමින් කන්කසන්තුරේ (KKS) වරාය වාණිජ වරායක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ඉන්දියානු රජය ඉදිරිපත් වී ඇත. මෙය නුදුරු අනාගතයේදී කලාපිය නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ රටේ උත්සාහය තවදුරටත් ශක්තිමත් වීම සඳහා උපකාරී වනු ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා මුල්‍ය ආධාර ඉන්දියාවේ අපනයන- ආනයන බැංකුව වන එක්සිම් බැංකුව මඟින් ලැබෙන අතර භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවේ එක්සිම් බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂක ඬේවිඞ් රස්කිංහ මහතා සමඟ නවදිල්ලියේදී ගිවිසුමට අත්සන් කළහ.

ඉන්දියානු රජය 1973 සිට වසර 40කට අධික කාලයක් පුරා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන සංවර්ධන හවුල්කරුවා වෙයි. පසුගිය වසර කිහිපය තුළ ඉන්දියානු ඍජු විදේශ ආයෝජන සීග‍්‍රයෙන් ව්‍යාප්ත වී තිබේ. වර්තමානයේදී ඉන්දියානු සංවර්ධන ආධාර ප‍්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත්තේ ආර්ථික යටිතල පහසුකම් දියුණු කිරීම, ජිවනෝපාය සංවර්ධනය, අධ්‍යාපනය, සෞඛ්‍යය, ධාරිතාව ගොඩනැංවීම හා ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය අලූත් කිරීම ආදී ක්ෂේත‍්‍ර කෙරෙහි අවධානය යොමු කර ඇත.

මෙම සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරමින් දෙරටේම රජයන් විසින් 2017 ජුනි මාසයේදී ශ‍්‍රී ලංකාවේ දුම්රිය ක්ෂේත‍්‍රයේ සංවර්ධනය සඳහා ඇ.ඩො. මිලියන 318 ක නව ණය මාර්ගයක් සඳහා අත්සන් තබන ලදී.

කන්කසන්තුරේ (KKS) වරාය සංවර්ධනය කිරීම මඟින් දේශීය සහ කලාපිය වශයෙන් සම්ප‍්‍රදායික වාණිජ සබඳතා ප‍්‍රවර්ධනය කිරීම සඳහා දායකත්වය සපයන බව වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය හඳුනාගෙන ඇත. තවද, මේ ඔස්සේ ශ‍්‍රී ලංකාවේ උතුරු ප‍්‍රදේශයේ වෙළඳාම දිරිමත් කිරීම මඟින් ආර්ථික කටයුතු සඳහා දිරිගැන්වීමක් ලබාදීම ද සිදු කෙරේ.

ඉන්දියාවේ නැගෙනහිර සියලූ වරායන් මෙන්ම මියන්මාරය හා බංගලාදේශය සඳහා ද ආසන්නම වරාය ලෙස මෙම වරාය පිහිටා තිබේ. රජය විසින් මෙම සියළු කරුණු සැලකිල්ලට ගනිමින් කන්කසන්තුරේ (KKS) වරාය වාණිජ වරායක් ලෙස සංවර්ධනය කිරීමට තීරණය කර තිබේ. ඇ.ඩො. මිලියන 45.27 ක නව ණය ආධාර මඟින් වරායේ දියකඩනය ප‍්‍රතිසංස්කරණය කිරීම හා පවතින ජැටිය පිළිසකර කිරීම ආදී වූ ඉතුරු අදියරයන් ද්විත්වයෙහි වැඩකටයුතු සඳහා යොදාගනු ඇත.

දියකඩනය නැවත සැකසීම හා වාණිජ භාණ්ඩ හැසිරවීම සඳහා නව ජැටියක් ඉදිකිරිම, වරායට අවශ්‍ය අනෙකුත් යටිතල පහසුකම් ස්ථාපනය කිරීම ආදිය ඉන්දියාවේ මෙම ණය පහසුකම යටතේ සිදු කෙරේ. ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වරාය හා නාවික අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ස්ථාපනය කරනු ලබයි.
adaderanabiz



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More