මාර්තු මාසයේ පැවැත්වෙන අය – වැය විවාදයේදී කැබිනට් අමාත්‍යවරුන් තිදෙනකුගේ වැය ශීිර්ෂවලදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 20 දෙනකුට ආසන්න පිරිසක් ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ඉරිදා ජාතික පුවත්පතකට ප්‍රකාශ කර ඇත.
සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙඳ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය මලික් සමරවික්‍රම, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ෙදාස්තර රාජිත සේනාරත්න යන මහත්වරුන්ගේ අදාළ අමාත්‍යාංශවල වැය ශීර්ෂ සඳහා ඡන්දය දීමෙන් වැළකී සිටීමට දැනට තීරණය කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා පවසා ඇත.
මෙම කැබිනට් අමාත්‍යවරුන් තිදෙනා ආණ්ඩුවේ ඇතැම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකරමින් එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන්ට සාධාරණයක් ඉටුනොවන ආකාරයෙන් ක්‍රියා කර තිබීම ඇතුළු ගැටලු ගණනාවක් එම අමාත්‍යවරුන් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට පවතින බවද එම මන්ත්‍රිවරයා සඳහන් කර ඇත.
මෙම කැබිනට් අමාත්‍යවරුන් තිදෙනාගේ ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත්කළ සිවු පුද්ගල කමිටුවට දැනුම් දුන් බවද එක්සත් ජාතික පක්ෂයේ එම මන්ත්‍රිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...