මුහුණු පොතෙන්

ඉල්ලීමට අනුව සැපයීම මිසක් ඉල්ලීමකින් තොරව සැපයීම සිදු කිරීම පිටුපස සැගවූ යමක් තිබීම විය හැකිය. ඒ තුළ කාගේ හෝ අවශ්‍යතාවක් ඉටු වනු නොරහසකි.

මේ රටේ යූ.එ.පී. ප්‍රමුඛ ආණ්ඩුවක් පැමිණි සෑම අවස්ථාවකදීම රටේ ජනතාවගේ ඉල්ලීමක් ඉෂ්ඨ කිරීම කර ඇත්තේ ඉතා අල්ප වශයෙනි.ජනතාව කිසිසේත් බලාපොරොත්තු නොවන දේ කිරීම බොහුල වශයෙන් සිදු වී ඇත. කොටි සංවිධානය සමග සටන් විරාමයකට ගියේ ජනතාව තියා පාර්ලිමේන්තුවට ද නොදන්වා බව කවුරුත් දන්නා ඉතිහාසයේ සාක්ෂියයි.

යුද්ධ කොට කොටියා අවසන් කළ යුතු යන පතුම ජනතාව තැබුවද එවකට ආණ්ඩුව කලේ ඉල්ලීමට අනුව සැපයීම වෙනුවට ජනතාව අපේක්ෂා නොකළ එහෙත් බටහිර ඇතුළු ඔවුන්ගේ හාම් පුතුන්ට අවශ්‍යතාව ඉෂ්ඨ කිරීම සටන් විරාමය තුලින් සිදු කළේය.

වර්තමානයේ කතා බහට ලක්ව ඇති නව ව්‍යවස්ථාව ද මේ රටේ ජනතාවගේ ඉල්ලීමක් අනුව හෝ අපේක්ෂාව අනුව පැමිණෙන දෙයක් නොවන බව එයින් විසදුම් ලබා දීමට යැයි දඩමිම්මා කරගෙන සිටින උතුරේ ජනතාව මුහුණපෑ ගංවතුර තත්ත්වය තුලින් මනාව ලොවටම පැහැදිලි විය.

බලය බෙදීම උතුරේ ජනතාවට සේවය කිරීමට පහසුයි යැයි කියා ගන්නා දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් ජල බෝතලයක්වත් දෙන්නට ඒ පැත්තෙවත් නොගිය විට ලංකාවේ සතර දෙසින් ජනයා ඒකීයත්වයේ ආශිර්වාදය ලොවටම පෙන්වීම තුලින් ෆෙඩරල් රාජ්‍යයක් හෙවත් බලය බෙදුනු රාජ්‍යයක් තුළින් උතුරේ ජනතාවට සිදු වන කෙංගෙඩියක් නැති පෙන්විය.

මේ නිසා නැගෙනහිර ජනතාව විදි බැස තම ප්‍රදේශ තුලින් හමුදා කදවුරු ඉවත් නොකරන ලෙසින් ඉල්ලීමට පෙළපාලි ගියේ ඇතැම් මන්ත්‍රීවරුන් හමුදාව වහාම ඉවත් කරන්න බෙදුම්වාදී පොරොන්දු ආණ්ඩුවට ඉදිරිපත් කරන වටපිටාවකය. එයින් ද ජනතා ඉල්ලීමක් තියා අපේක්ෂාව ද ෆෙඩරල් රාජ්‍යයක් නොවන බවය.

ඉල්ලීමක් නොමැති ලබා දෙන්න වලිකන සුමන්දිරන් රනිල් අනුර පාර්ෂවයන්ගේ හා බටහිර තානාපතිවරුන්ගේ සැගවී ඇති අවශ්‍යතාව නව ව්‍යවස්ථාවක් හෝ 20 වන සංශෝධනය තුළින් සක්සුදක් සේ පැහැදිලිය.

මේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය වර්තමාන මුදල් ඇමැති එවකට විදේශ ඇමැති වූ මංගල සමරවීර ඇමරිකාව සමග සම දායකත්වය දැක්වූ 30-1යෝජනාවට අනුව ඉටුකිරීමට එකග වූ භයානකම හා අවසාන කාර්‍ය්ය බව විත්ව අදහසයි.

මේ අවසාන කාර්‍ය්ය ඉෂ්ඨ කරන්න ඇති හොදම අවශ්‍යතාව වර්තමාන ආණ්ඩු කාලය බව බෙදුම්වාදීන් විශ්වාස කර ඒ අනුව ක්‍රියාත්මක වෙන බව හදුනාගත හැකිය.

නව ව්‍යවස්ථාවකින් හෝ 20 වන සංශෝධනය මගින් හෝ මේ රට පළාත් අනුව බෙදා වෙන් කොට වෙනම රාජ්‍යයක් බිහිකිරීම සදහා අවැසි ඕනෑම ක්‍රමයක් යොදවන්නට දේශීය හා විදේශීය බෙදුම්වාදීන් සැදී පැහැදී සිටන බව මනාව පෙනේ.

මේ සදහා ඔවුන් ඉලක්ක කිහිපයක් යොදාගන්න බව පෙනේ. එයින් ප්‍රමුඛ කාර්‍ය්ය ලෙසින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 21 හෝ ඒ හා සෑහෙන ගාණක් මන්ත්‍රීවරුන් මිලදී ගැනීමට මානසික සංග්‍රාමයේ නිරතව සිටින බව මාධ්‍යයෙන් පවා පෙන්වා ඇත.ඒ ගැන සුමන්දිරන් ද වරක පැවසීය.

මේ පිරිස ඒ පැත්තට කායික නොවුවද මානසිකව තල්ලු කර දමන්නන් විපක්ෂ තුළ ද සිටිති. 21 දන් දී ආණ්ඩුවෙන් මන්ත්‍රීවරුන් පැමිණ ආණ්ඩුවක් හදා දෙනවා යන සිහිනය ලබා දෙමින් යාමට අවශ්‍ය මානසික තල්ලුවක් දී බලා සිටි. එයින් ද සතුරාගේ අවශ්‍යතාව ඉෂ්ඨ කිරීම හැර වෙන එකක් නොවන බව අවධාරණය කළ යුතුය.

දොලපිදේනිය තබනකං බලා සිටින මල පෙරේතයන් සේ ආණ්ඩුවට 2/3 ලබාදීමට සැරසී සිටින මන්ත්‍රීවරුන් ද ඉටු කරන්නේ රටේ අවශ්‍යතාව හෝ ජනතාවගේ හෝ ඉදිරි ආනාගත පරපුරේ හෝ අවශ්‍යතාව නොව ඔවුන්ගේ මල පෙරේත ස්වභාවයම බව කිවයුතු ය.

මල පෙරේතයන් දොලපිදේනිය කරා ගෙන යන්න දායක වන කට්ටඩි හෙවත් විපක්ෂයේ මොල්ලිගොඩ පරපුරේ ඇතැමුන් වෙනුවෙන් ද තීන්දුව ලබා දීමට රටේ මහ ජනතාවම භාරකරමු. මල ප්‍රේතයන් හා ඔවුන් පිදේනි කරා ගෙනයන කට්ටඩියන් හා ඒ වෙනුවෙන් දුම්මල ගසා,පිදේනි හදා, ආවතේව කරුවන් ගැන ද අවැසි විට දඩයම් දෙවා වදාරණ බව සිහි ගන්වනු කැමැත්තෙමි.

නව ව්‍යවස්ථාවකින් හෝ 20 වන සංශෝධනය වැන්නක් මගින් හෝ මෙය ඉටු කිරීමට හැකි අතර මෙයිනුත් සංශෝධනයක් කිරීම පහසු හා ලෙහෙසි බව ඔවුන් මනාව දනී.එම නිසා නව ව්‍යවස්ථාවක් හෝ සංශෝධනයක් ගෙන ඒමට විරෝධය හා බලපෑම් කිරීමට මේ රටට හිතෛෂින් සැමගේ වගකීම මෙන්ම යුතුකම වේ ඒ වෙනුවෙන් පෙළගැසී මාතෘභූමිය ආරක්ෂා කරන්නට ඉදිරියට පැමිණෙන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

තෙරුවන් සරණයි
පූජ්‍ය දෙහිපේ චන්දවිමල හිමි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More