යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ විද්වත් කමිටු වාර්තා පහක් ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (11දා) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරනු ලැබීය.
ඉන් අනතුරුව ඒ පිළිබඳව විවාදයක් ආරම්භ විය. මෙහිදී වාර්තා ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රට පාවා නොදෙන බවත් බුදුදහමට ඇති ප්‍රමුඛතාව හා රටේ ඒකීය භාවය වෙනස් කිරීමට නව ව්‍යවස්ථාවකින් කටයුතු නොකරන බවයි. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතක් නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඉන් අනතුරු අදහස් දැක්වූ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට වත්මන් පාර්ලිමේන්තුවට සුජාත භාවයක් නොමැති බවයි.
පළාත් පාලන මැතිවරණයේ තීන්දුව අනුව වත්මන් රජයට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ බලයක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.
වහාම පාර්ලිමේන්තු මැතිවරණයකට ගොස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනා ඉදිරිපත් කර ජනතාවගේ බලයක් ලබාගත යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...